Thursday, September 10, 2015

හිමොග්ලොබින් අඩු වන්නේ ඇයි ....?


        රුධිරයේ හිමොග්ලොබින් අඩු කම, නැමති අසනීප තත්වය සහිත රෝගීන් විශාල වශයෙන් වැඩිව ඇති  බව  හා  මිට අමතරව හිමොග්ලොබින් වැඩි වීම නැමති රෝගයද සුළු වශයෙන් වාර්තා වන බව මා වෙත දැන ගන්නට ලැබුණි. මේ බැව්  රෝහල් ආරංචි මාර්ගද  සදහන් කරයි . 
       වයස් බේදයකින් තොරව , මේ තත්වයට මුහුණ දෙන ශ්‍රීලාංකිකයන් , අඩු ආයුෂ ලබන බව මේ වාර්තා වලට  අනුව හදුනා ගත හැක . තැලිසීමියා නැමති රෝගය හා ඒ හා සම්බන්ධ රෝග ගණනාවක් ඇති බව සදහන් වේ. මේ රෝග සදහා සායන , ප්‍රධාන රෝහල් ගණනාවකම පිහිටුවා ඇති අතර ඒ සදහා ප්‍රතිකාර කරද සාර්ථක භාවයක් දක්නට නැත .
රුධිරයේ හිමොග්ලොබින් අඩු වන්නේ ඇයි ? මේකට හේතුව මොකද්ද ? 

මේ මා  දන්නා තරමිනි.

01 . නිසි පෝෂණයක් නැතිකම 
02 . ආරය
03 . මානසික ආතතිය 
04 . අධික රුධිර වහනය  
05 . වකුගඩු සම්බන්ධ රෝග 
06 . පෙනහළු ආශ්‍රිත රෝග 
07 . ඩෙංගු වැනි මාරාන්තික උන රෝග සැදීමෙන් 
08 . ගර්භනී අවස්ථා වලදී 

මිට අමතරව , වෙනත් කාරණා තිබේද ...? 

හිමොග්ලොබින් අඩුවීම සම්බන්ධයෙන් ම දන්නා ප්‍රතිකාර 

01 . රුධිර පාරවිලයනය 
02 . නිසි පෝෂණය ලබා දීම 
03 . Erythropoiesis    එන්නත් කිරීම .
04 . උපදේශනය 

මෙයට අමතරව වෙනත් ප්‍රතිකර්ම ඇත්ද ...? 

     හිමොග්ලොබින් අඩුකම නිසාදෝ පසුගිය වකවානුවේ , පාසල් නිවාසාන්තර තරග වලදී හා වෙනත් ශාරීරික අභ්‍යාස වලදී ළමුන් හා වැඩිහිටි පුද්ගලයින් කිහිපදෙනෙකු මිය යන ලදී . 

 මේ තත්වයට හේතු ලෙස බලපාන්නේ 
    ලංකාවේ අහාර රටාවේ වෙනස් විමක්ද ...?  නැතහොත් අහිතකර කිරණ විශේෂයක් පරිසරය තුල ක්‍රියාත්මක වීමෙන්ද  ....?

     රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි කිරීමට හා එම තත්වය රදවා සිටීමට අප කුමක් කල යුතුද ...? සැම විටම රුධිර පාරවිලයනය යෝග්‍ය නොවේ . ආසාධිත තත්වයන් පවා ඇති විය හැක.

     වයස්ගත වුවන්ගේ රුධිරයේ හිමොග්ලොබින් අඩුවීම කුමන හේතුවක් මත සිදුවේද ...? මෙයද ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනීය අවස්ථාවක් ලෙස හදුනා ගෙන ඇත . 

     Born marrow testing වලින් පසු , මෙම රෝගයෙන් පෙළෙන ,  බහුතරයකගේ අවසානය ලෙස ලියුකේමියා ලෙස හැදින්වීම නිවැරදිද (රුධිර පිලිකා ) 

     මා  වෛද්‍යවරයකු නොවේ, මේ තත්වය අත්දකිමින් සිටින තැනැත්තෙකු ලෙස,  දන්නා අයගෙන් සාමාන්‍ය කරුණු විමසීමක් හා අනෙක් අයට දැන ගැන්වීම පිණිස මෙලෙස සටහන් කරන්නට සිත් උනි. 

17 comments:

  1. සම්පූර්නෙන්ම කියෙව්වෙමි. වැදගත් කරුනු රැසකි.

    ReplyDelete
    Replies
    1. ඔව්.... කසුන් .... , තව කරුණු මට අවශ්‍යයි ....

      Delete
  2. නිහිංසා.................. ඉස්පිරිතාල ජොබකුත් කරනවාද????

    ReplyDelete
    Replies
    1. නෑ.... කුරුටු ...... මේ දිනවල මං වැඩිපුරම ඉන්නේ මේ ප්‍රශ්නෙත් එක්ක, උත්තර හොයනවා .... ඉස්පිරිතාල ගානේ, දොස්තරවරු ගාව රස්තියාදු වෙනවා. අම්මා වෙනුවෙන්....

      Delete
  3. මෙයට පිළිතුරු දෙන්නට බ්ලොග් ලියන නියම සුදුස්සෝ සිටිති.

    ReplyDelete
  4. මෙයට පිළිතුරු දෙන්නට බ්ලොග් ලියන නියම සුදුස්සෝ සිටිති.

    ReplyDelete
    Replies
    1. මං මේක ලිව්වෙත් ඒකයි නලින්...... මට මේවට උත්තර ඕන. මේ අවදානම නිසා.සුදුස්සෝ මට මග පෙන්වයි කියල හිතනවා.

      Delete
  5. සම්පූර්නෙන්ම කියෙව්වෙමි. වැදගත් කරුනු රැසකි.
    නිහිංසා.................. ඉස්පිරිතාල ජොබකුත් කරනවාද????
    මෙයට පිළිතුරු දෙන්නට බ්ලොග් ලියන නියම සුදුස්සෝ සිටිති.
    මෙයට පිළිතුරු දෙන්නට බ්ලොග් ලියන නියම සුදුස්සෝ සිටිති.

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. සි.ජේ...... අදහසක් නැද්ද ඔයාට ...

      Delete
  6. අද ඉන්න සමහර පාසල් දරුවන් දිහා බලපු ගමන් පෙනෙනවා විවිධ රෝගී තත්වයන් තිබෙන බව. 2000 දී පමණ නුවරකලාවියේ පාසල් දරුවන් සඳහා කොළඹින් පැමිණි වෛද්‍ය කණ්ඩායමක් විසින් පවත්වන ලද වෛද්‍ය සායන කීපයකදී මේ රෝගී තත්වයෙන් පෙලෙන දරුවන් රැසක් සොයා ගැනුනා. පෝෂණය අඩුකම තමයි හේතුව. ඒත් දෙයියනේ දොස්තර මහත්තුරු කියන දේවල් දෙන්න ඒ ළමයින්ගේ දෙමව්පියන්ට බැහැ. සායන සඳහා හමුදාවේ වියදමින් දුන්න කිරි කෝප්පය ඒ ළමයින්ට අමෘතයක් වුනා. අනේ අපි යුද්දෙට වියදම් කරන්නේ මේ ළමයින්ගේ සල්ලි නේද කියලා මට හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඔව්..... විචාරකතුමනි...... දැන් ඒ යුද්ධ වියදම් ඉවරයිනේ .... ඒත්..... කෝ මේ දුප්පත් දරුවන්ට අහාර සදහා විසදුම්.....

      Delete
  7. සෑහෙන්න වැදගත් ලිපියක් අක්කේ.. ස්තූතියි මේ ගැනත් ලිවුවට..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් ....

      Delete
  8. ආයුෂ අඩු වීම හිතේ දුකත් බලපානවද?

    ReplyDelete
    Replies
    1. ආයුෂ අඩු වීමට හිතේ දුක .... කොහොමත් බලපානවනේ.... සොයුර ....

      Delete
  9. ආයුෂ අඩු වීම හිතේ දුකත් බලපානවද?

    ReplyDelete