ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවේ තවත් එක් සමාජ සත්කාරයක්, ලෙස පොසොන් පෝය නිමිති කරගෙන වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රජා විශෝධන නියෝග ලැබූ, සුළු වරදකරුවන් සදහා, පොසොන් පෝදා පිංකම , වලස්මුල්ල , නතුවල , ගල්ටම්ගොඩ පුරාණ විහාරයදී ජුනි මස 11 වෙනි දින දවස මුළුල්ලේ සීල ව්‍යාපාරයක් ලෙස පවත්වන ලදී .
අධිකරණයෙන් කිසියම් සුළු වරදකට , වරදකරුවකු වන විට , දඩුවම යන සංකල්පයට , විකල්ප ක්‍රමවේදයක් ලෙස, විශෝධනය යන අරමුණ මුල්කොට ගෙන. ප්‍රජා විශෝධන දෙපාර්තුමේන්තුව විසින්, ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාව අතරේ , ආගමික වැඩසටහනක් ලෙස, මෙම පුණ්‍ය කටයුත්ත , වලස්මුල්ල ප්‍රජා විශෝධන ප්‍රාදේශීය කාර්යාලයේ , ප්‍රජා විශෝධන නිලධාරී , රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
පොසොන් පිංකම සදහා, වලස්මුල්ල දිසා විනිසුරුතුමා, වලස්මුල්ල නීතිඥ සංගමයේ නීතිඥ මහතුන් , ප්‍රජා විශෝධන නියෝජ්‍ය කොමසාරිස්තුමිය , වලස්මුල්ල ප්‍රාදේශීය ලේඛම්තුමිය සාභාගී වන ලදී.
ගල්ටම්ගොඩ පුරාණ විහාරයේ , විහාරාධිපති පුජ්‍ය බෝවල පඤඤ කිත්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් වැඩසටහන මෙහෙයවන ලදී.
තංගල්ල ප්‍රජා විශෝධන නිලධාරී වී.ජි.වයි.වබ්. නිරුප මහතා විසින් බෞද්ධ උපදේශන වැඩසටහනද, කාව්‍ය ශ්‍රී පුජ්‍ය අවිස්සාවේල්ලේ යටිරතන ස්ථිවරයන් විසින් කවි බණ දේශනා කරමින් ශිල ව්‍යාපාරය අර්ථවත් කළහ. දානමය කටයුතු සදහා වලස්මුල්ල නීතිඥ සංගමය අනුග්‍රාහකත්වය දැරූ අතර උපස්ථාන කටයුතු , වීරකැටිය, වලස්මුල්ල ඔකෙවෙල ,කටුවන සංවර්ධන නිලධාරී මහත්මියන් විසින් සිදු කරන ලදී .
කිසිදිනක සිල්සමාදන් නොවූ පුද්ගලයින්ද , මේ අවස්ථාවේ සිල් සමාදන් වූ අතර , වරදින් මිදුණු පුරවැසියන් වන්නට වෙර දරන සමාජයේ අඩු සැලකිලි ලබන මෙම පුද්ගල කොට්ඨාශය සමාජගත කිරීම සදහා ,ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව තෙවෙනි වරටත් මෙම සීල ව්‍යාපාරය පවත්වන ලදී. වලස්මුල්ල ප්‍රජා විශෝධන නිලධාරී රෝහණ මහතාගේ අධීක්ෂණය යටතේ , මෙම පුන්යෝත්සවය සංවිධානයකරන ලදී.
වලස්මුල්ල ප්‍රාදේශීය ලේඛම් කර්යාලය මගින් ක්‍රියාත්මක වන වැඩිහිටි සමිතියේ උපාසක භවතුන්ද මෙම අවස්ථාවේ සීල් සමාදන් වෙමින් , ප්‍රජා විශෝධන නියෝග ලැබූ මෙම , සුළු වැරදිකරුවන් දිරිමත් කරමින් වැඩසටහනට දායකත්වය දෙන ලදී.
හොද වැඩ සටහනක්....... සංවිධානය කල අයට සහ සහභාගී වූ සැමට මගෙ ස්තුතිය......
ReplyDeleteරු.5000/= දඩය ගෙවාගන්න බැරිව සුළු වැරදි වලට සිරගත වූවන් කොතෙකුත් සිටිනව සිරගෙවල් තුල....
තමන්ගෙ රට ඉන්න බිරිදට ලිපියක් යවාගන්න කවර/කොල/මුද්දර නැතිව ඉන්නව .... ගෙදරින් එන්න කෙනක් නැහැ......එන්න ඉන්න අය රෝගීන් හෝ ආබාධිතයන්.....කන්න දිදී වියදම් කරමින් ඉන්නවට වඩා.....
මේ දේවල් වලට යම් වැඩ පිළිවෙලක් කරන වා නම්...............
ප්‍රජා විශෝධන වැඩසටහන යටතේ ...... සුළු වැරදිකරුවන් වෙනුවෙන් සුභසාධන කටයුතු රාශියක් දියත් කරලා තියනවා.මේ සදහා ප්‍රාදේශීය ලේඛම් කාර්යාල වල සිටින සියළුම ක්ෂේත්‍ර නිලධාරීන් සහයෝගය දක්වනවා.
Deleteඒ වගේම දඩය ගව ගන්න බැරි උදවිය බන්ධනාගාර ගත කිරීම වැලක්වීමට හා පුද්ගලයා සමාජය තුල රදවා , විශෝධන ක්‍රියාවලිය ආරම්භ කිරීමෙන් , ඔහුගේ පවුලත් සුරක්ෂිත වනවා වගේම , තමුන්ගේ රැකියාවත් කරගෙන , දඩුවමක් විදිනවට වඩා අවබෝධය තුල සිට තමන්ගේ ජීවිතය සාදා ගත හැකියි..... කෙන්ජි.....
ඇත්තෙන්ම හොද වැඩසටහනක්. සුළු වරදකට දඬුවම් විදින පුද්ගලයෙක්ව මහා අපරාධකාරයෙක් නොකර මෙවන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නම් අගෙයි.
ReplyDeleteමහා අපරාධකාරයන් සැම විටම බිහි උනේ බන්ධනාගාර තුලින්. ඒ තත්වය වලක්වා ගත හැකියි.... ඔවුන්ව උපදේශනය කිරීමෙන් හා, දැනුවත් කිරීම් තුලින්. ඒ වගේම අවශ්‍යතාවය මත වෘත්තීය පුහුණුවකට හෝ, වෙනත් ස්වයං රැකියා ව්‍යාපෘති ඔවුන් සදහා ආරම්භ කරල තියනවා. සැම විටම ප්‍රජා විශෝධන ක්‍රියාවලිය තුල , ඔවුන්ගේ පසු විපරම් කටයුතුත් සිදු කරනු ලබනවා.
Deleteප්‍රියා......මේක ඇත්තෙන්ම හොද වැඩ පිළිවෙලක්.....
ප්‍රජා විශෝධක නිලධාරී රස්සාවකට ගියා ලඟදි මගේ යාලුවෙක්, අපි නම් කිව්වේ උඹට කන්න වෙයි ගමකට කට්ටියගෙන කියලා
ReplyDeleteඉවාන් දැන් තේරෙනවානේ මේ ක්‍රියාවලිය තුල එහෙම නැ කියල. මිනිස්සු දරුණු වෙන්නේ අනවබෝධය තුල. . මිනිස් සිත් ..... පහන් කරන්න පුළුවන්..... ඉතින් ඔයාගේ අර යාලු නිලධාරියා විස්තර කිව්වේ නැද්ද.....? මෙතැනදී කවුරුත් බලය පාවිච්චි කරන්නේ දෙපැත්තම සුහද ගනුදෙනුවක දීල ඉන්නේ. ඉස්සෙල්ල නිලධාරියා, වැරදිකරු වෙත සවන් දෙන්නා ඕන.....
Deleteඔහුට වැරදුනේ කොතනින්ද කියල සොයා බලා ප්‍රතිකර්ම කරන්න පුළුවන්. මේක ඒක පැත්තකින් සමාජ මෙහෙවරක්.
ප්‍රජා විශෝධක නිලධාරියා සතු රාජකාරි මොනවාද? ඔවුන් අයත්වන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවටද?
Deleteප්‍රජා විශෝධන දෙපාර්තුමේන්තුව අයත් වන්නේ පුනුරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයට.
Deleteසැම මහේස්ත්‍රාත් අධිකරණයකම , කාර්යාලයක් හා නිලධාරියෙක් සිටි. ප්‍රජා විශෝධන නියෝගයක් ලබා ගත හැකියි. ප්‍රජා විශෝධන පනතට අනුව.
වැරදිකරු අධිකරණයේ නීතිඥ මහතකු මගින් ඉල්ලීම් කල හැක. එවිට ප්‍රජා විශෝධන නිලධාරියා වෙත යොමු කර වාර්තා කැදවා, සුදුසු විශෝධන කොන්දේසි, විනිසුරුතුමා විසින් පනවා, නියෝගය බලාත්මක කරනු ලැබේ.
අධීක්ෂණය හා වරදකරුගේ සියළු නිවැරදි කිරීම්, පුනුරුත්ථාපන කටයුතු ප්‍රජා විශෝධන නිලධාරියා විසින් සිදු කරනු ලබනවා.
අගේ ඇති වැඩක්.
ReplyDeleteමේ ලඟකදී මට යන්න ලැබුණා කෑගල්ල බන්ධනාගාරයට. එහි ප්‍රධාන නිලධාරියාගේ කාර්යාලයේ සිට ජනේලයෙන් මා දුටු දසුන් වලින් හිතුනේ රිමාන්ඩ් එකට හෝ සිර දඩුවමක් ලබනවා කියන්නේ මහා පවක් ගෙවනවා කියන එකයි.
දවසකට හරි හිරේ යනවා කියන්නේ , එතැනදී ලොකු මානසික බිද වැටීමකට ලක් වන අවස්ථාවක්....... වැටෙන්න කලින් වට්ටනවා...... බන්ධනාගාර ක්රමයේ යථාර්තය එයයි.
Deleteඒ තත්වයෙන් මේ මිනිස්සු මුදවා ගන්නයි ඕන. ඒ වගේම මිනිස්සු මේකට කැමැත්තෙන් අනුගත වෙන්නත් ඕන. නැත්නම් විශෝධන ක්රමයේ අරමුණු ඉටු වෙන්නේ නැ.
නලින්..... ඔයා බන්ධනාගාරයේ දැක්ක දේවල් ඇති.... වැරද්දක් නොකර ඉන්න තරමට හොදයි..... කියල මිනිස්සුන්ට හිතේවි....
සත්තකින්ම ඔව්. සාමාන්‍ය වැසියෙක් එහි ඇතුළත දේ දුටුවොත් සදා වරදක් කරන්න බිය වෙනවා.
Deleteඅැත්තටම හොද වැඩක්... සුළු වැරදි කලවුන් මිනීමරුවන් සමග එකට දැමීමෙන් ඔවුන් තව තවත් වැරදි සඳහා පෙළඹිය හැකියි..
ReplyDeleteවැදගත් පාේස්ට් එකක්
ජය වේ වා!!!!
අත් වැරදීම්, සමාජයීය හේතු හා මානසික හේතු මත කරන සුළු වැරදි සදහා තමයි දැනට මේ විශෝධන ක්‍රමය නීතිගත කොට තිබෙන්නේ . ස්තුතියි..... විදානේ....
Deleteවටිනා පෝස්ට් එකක්
ReplyDeleteස්තුතියි...... නංගි....
Deleteඇත්තටම හිර ගෙවල් වල ගොඩක් වෙලාවට ඉන්නේ තමන්ගේ පවුල ජීවත් කරන්න ගිහින් හරි බඩගින්න හන්දම හරි අන්තිමේ වැරැද්දක් වුන මිනිස්සු.. හිතලම වැරදි කරන එවුන් කාගෙ හරි පිහිටෙන් ගැලව්ලා එලියට පනිනවා.. එහෙම තත්වයක් තියෙද්දී මේ වගේ දේවල් කරන එක ඇත්තටම අගය කරන්න ඕන..
ReplyDeleteඔව්.... දිනේෂ්.... වරදට පිළිතුර දඩුවම නෙමෙයි...... ඒ තත්වයෙන් මුදවා ගන්නයි. මේ වැඩ පිළිවෙල.
Deleteවැඩ සටහන් දිගටම දාන්න.මගේ සුභ පැතුම්
ReplyDeleteස්තුතියි........ චන්දන.......මේ වගේ ක්‍රමයක් , දෙපාර්තමේන්තුව සතුව තිබේ නම් වැදගත් .....ඔයාටත් අවස්ථාව තියනවා.
Deleteවලස්මුල්ල ප්‍රජා විශෝධන කාර්යාලය අපි මේ වගේ ශිල භාවනා වැඩසටහන් වසර 03 පුරාවට සෑම පොසොන් පෝයක්ම නිමිති කරගෙන ක්‍රියාත්මක කරනවා. මේ වගේ ඇගයීමක් අපිට ලැබුනේ ප්‍රථම වතාවට ඒ ගැන අපිට හරිම සංතෝෂයි. ඒ සෑම අවස්ථාවකම සහභාගි වුණ කෙනෙක් හැටියට අනිත් හැම වතාවටම වඩා වඩාත් හොදින් මේ වතාවේ සියළු කටයුතු සිදුවුණා අපි විශේෂයෙන් ස්තුති වන්ත වෙන්න ඕන ගල්ටැම්ගොඩ පුරාණ විහාරයේ විහාරාධිකාරී බෝවල පඤ්ඤාකිත්ති ස්වාමීන් වහන්සේට එතුමාගේ මඟ පෙන්වීමෙන් තමයි මේ කටයුත්ත වඩාත් සාර්ථක කර ගන්න ලැබුනෙ
ReplyDeleteප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් ගැනවලස්මුල්ල ප්‍රජා විශෝධන කාර්යාලය ලොකු ප්‍රචාරයක් ලැබිල නැ. නිහඩව කරපු සේවාවන් බොහෝයි...... ඒ වගේම වලස්මුල්ල ප්‍රජා විශෝධන කාර්යාලය හරහා සිදු කරනු ලබන සේවාවන් හා ව්‍යාපෘති පිළිබද විස්තර මින් ඉදිරියට ඉදිරිපත් කරන්නම් , මා වෙත ලැබෙන තොරතුරු මත. මං හිතන්නේ ලංකාවේ ක්‍රියාත්මක වන හොදම කාර්යාල වලින් එකක් ලෙස වලස්මුල්ල ප්‍රජා විශෝධන කාර්යාලය නම් කරන්න පුළුවන්. වලස්මුල්ල ප්‍රජා විශෝධන නිලධාරී රෝහණ මහතාට අපගේ ස්තුතිය මේ හරහා පුදකරනු ලබනවා. සම්පත් ..... ඔබත්...... මේ සම්බන්ධයෙන් කැපවීම පිළිබද ස්තුතිවන්ත වෙනවා.
ReplyDelete