පාට තවරා එක එක
වෙස් ගත්තද,
නුඹත් , අපේම කාලයේ
ගැහැනියක් . ලෝකය සරුව පිත්තල වුවත් සත්යවාදීනියක් සේ පෙනී සිටින්නට ඇයි නුඹ
අදහස් කලේ ,
කියලා නම් අපට
හිතා ගන්න බැ. ජීවිතය ...... යථාර්තය ...... මොනවට පැහැදිලි කලත් ඇත්ත පිළිනොගන්නා
ලෝකයට ,
නුඹේ ඇත්තෙන්
වැඩක් නැතුවාසේය. නුඹට ගරහන ලෝකය නුඹේ පසුපසම කවදා හෝ එතැයි ..... දැනට අප
සිතන්නම්.
අප්‍රසන්න වූ ජිවත විවරණයක යෙදෙන නුඹ ගැන සිතුවොත් ඒ සියල්ල වර්තමාන
සමාජයට අනුව සාමාන්‍ය යයි,
කිව හැක. එහෙත්
එය අභව්‍ය ගනයේ සිදුවීමක් ලෙස දෘෂ්ඨිවාදීන් තීරණය කරන්නේ ලංකා සමාජයේ සිදුවූ
පලවෙනි සිදුවීම ..... ජිනාදරිගේ සිදුවීම යයි යන සිතිවිල්ලකට අනුවය. තත්‍ය ලෝකය තුල
වූ සාමාන්‍ය ක්‍රියා,
අසම්භාව්‍යක්
කරන්නට කිසිවෙකුටත් නොහැක. මන්ද ජිනාදරිලා තවත් හිදින බව මතක් කලයුතු මනාය. ඔවුන්
සියළු දෙනාම තමන්ගේ කතාව ලිව්වේ නිහඩවම කදුළු වලිනි. ඒවා කවුරුවත් වැඩිපුර දැන ගිටියේද නැත . වෙනස එයයි.
කුඩා කල සිටම
ලිංගික අපයෝජනයට ලක්වීම,
අඩු සැලකිල්ල, දරිද්‍රතාවය යන , මේ සියළු කරුණු එක්තැන් වූ විට, ළමා ලෝකය බිද වැටීමකට ලක්වීම නතර කල නොහැක. එදා කියා ගන්නට බැරිවූ ඒ කතාව අද ලෝකයට කෑගසා කිව්වේ ,
අනෙක්
දරුවන්ටත් අද මේදේම ,
සිදු වෙතයි ඇයට
සිතෙන්නට ඇති වූ නිසා වන්නට පුළුවන.
ජිනාදරිගේ ලෝකය සුන්දර වුයේ නැත. නොකියවූ
පොතක් වැනි වූ ඇගේ මුහුණේ වූ ඒ ....භයානක හැගීම් ඇය, එකිනෙක විවරණය කරන්නීය. ඉකිගසන ඒ සිතුවිලි
කොතරම් භයංකාර වුවාද යන්න හැගෙන්නේ , ඇගේ ජිවිත කතාවට බයවූ නිවටයන් ඇයව විවේචනය
කරන නිසාවෙනි. සුන්දරයි කියා සිතු සියල්ල බිද වැටෙන ඇගේ ජීවිතය තවමත් බිද වැටෙමින්
තිබෙනවායි ඔබට සිතෙන්නට පුළුවන.
නැත...... ඇය ශක්තිමත්ව සිටින්නීය. ඇගේ දුවරුන්
දෙදෙනා ඉදිරියේ,
ඇය ගහක් ගලක් මෙන්
නිසොල්මන්ය.
පාට තැවරු
ලෝකයේ ජිවත් වෙන්න ඇය අපට පුර්වාදර්ශ සපයන්නිය. ලෝකය රගමඩලක් බව ඇය වටහා ගෙන
අවසානය. එබැවින් ලෝකය ඉදිරියේ නිරුවත් වෙන්න ඇය, බිය නොවුවාය. ලෝකයා ඇයට ගල් ගැසුවද, ඇය නිහඩය. තනි
තටුවෙන් පියාඹන්න නොහැකි බව ඇය දනී. එහෙත්, ඇය හුදෙකලාය. ජිවිත මංපෙතේ හමුවූ අත් වැලත්
ගිලිහි අවසානය. සියල්ල පන්හිදට ගොනුකර අකුරෙන් අකුර ඇය අමුණන්නට විය. කදුළු වල බරට වඩා, ජිවන බර ඇයව
හෙම්බත් කරයි. එහෙත් ඇය ප්රබලය, පරාජය කල නොහැක කිසිවෙකුටත්.
ජිවිත පන්නරය ඇයව ඉදිරියට ගෙන යනවා. ඇය සිනාසේ
...... ඒ සිනාවේ..... ආත්මාර්ථකාමිත්වයක් නොමැත. ලෝකය උඩු යටිකුරු නොකර දෙපයින්
සිට ගෙන ඇය ..... ලෝකයට කැ ගහල කියන්නේ හෙට...... නුඹටත් මේ ටික වෙන්න පුළුවන්
පරිස්සම් වෙයන්..... ඒ ඇගේ 'පුනුරුක්තියයි '
ජිනාදරිය ගැන කතා කිරිමට වත් කැමැති නැත ....
ReplyDeleteහේතුව .... මට තේරෙන්නේ නැ .... සහෝ...... මං ජිනාදරී දිහා බලන්නේ , පොදු කෝණයකින්.....
ReplyDeleteනිසංසා ඔවාට මහ ලොකු උත්තර දෙන්න මගේ ලග නෑ ,අපි හැමොම ලග කැමැත්ත කියන එක තියෙනවා නේ අන්න එක තමයි ,මෙයාට වඩා මං සනි ලියොනිට කැමැති ,ඒ පිටරකට නිසා හෝ නිල් සිනමා තරුවක් වෙලා සිටි නිසා නෙවෙයි ඇත්තටම ජීවිතේ වෙනස් කර ගන්න හදන නිළියක් නිසා ,හිතලා බලන්න ...
Deleteසියල්ල ස්වයං කැමැත්තට යට වෙන වෙලාවල් තියෙනවා,..මෙකත් අන්න ඒ වගේ මේ මගේ කැමැත්ත ...
// ජිවන බර ඇයව හෙම්බත් කරයි. එහෙත් ඇය ප්රබලය, පරාජය කල නොහැක කිසිවෙකුටත්// සහතික ඇත්ත..
ReplyDeleteජ ය වේ වා !!!!
ම්ම්ම්ම්ම්ම්ම්..... සි.ජේ....
Deleteඑයත් අනෙක් අයට දෙවනි නෑ...
ReplyDeleteතමංවම මාකට් කරගන්නව...
ගණිකාව මාංසය විකුණල සල්ලි හොයනව...
මෙයා සබ්බ සකලමනාවම මාකට් කරනව...
මේ ඒ කතාවේ එක පැත්තක්....... මහේෂ්......
Deleteජිනාදරි ගැහැණියක් බව තේරුම් ගත්තේ එයාට සියල්ල වැරදුනාට පස්සේ.එයා කරපු දේවල් පොදුවේ කාන්තා විමුක්තියටවත් මේ සමාජයටවත් සාධනීය බලපෑමක් ඇති කලේ නැහැ.වේදිකා නාට්‍යක ප්‍රසිද්ධියේ යට කලිසම ගැලවීම කුමන කලාත්මක සමාජ භාවිතයක්ද?
ReplyDeleteමේකත් එක පැතිකඩක්..... චන්දන....
Deleteතමන් සතු වටිනාකම තමන්ම නැතිකරගන්නවා නම් මොනා කරන්නද?
ReplyDeleteඒකත්..... ඇත්තක් මනොෂ්....
Deleteජිනාදරීගෙ රඟපෑම් මම බලල නෑ. ඒත් අහල කියවල තියනව. නිහිංසා වගේම මාත් බලන්නෙ පොදු කෝණයකින්. ඔය රඟපෑම් හොලිවුඩ් වල උනානම් කමෙන්ට්ස් මීට වඩා කලාත්මක වෙනව.
ReplyDelete//නැත...... ඇය ශක්තිමත්ව සිටින්නීය. ඇගේ දුවරුන් දෙදෙනා ඉදිරියේ, ඇය ගහක් ගලක් මෙන් නිසොල්මන්ය.//
වටින්නෙ තමන්ගෙ අම්මව තේරුම් ගත්ත දුවල දෙන්න. ඒක රඟපෑමක් විතරයි.
ඔව්..... තනුජා..... සමාජයේ වරදින් ..... හිතුවක්කාර තීරණයක් ගත් අපේ කාලයේ උගත් ගැහැනියක්........ මට ඇයව පේන්නේ එහෙම......
Deleteඇයි එහෙම උනේ කියල විතරක් මං හොයනවා. වැරදි වලට ගරහන්නේ නැ. මේ වන විට ඇය කොයි මානසික මට්ටමක ඉන්නවද කියල දන්නේ නැ.
හැම දෙයක්ම සාමාන්‍යයි , කියල පෙනුනට ..... අපි නොදන්නා ඇත්තක් මේ යටින් තියනවා කියල , මට හිතෙනවා.
වරෙක මෙවැනිම විවරණයක් ..... මැඩෝනා විසින්ද සිදු කලා.....
ඇය පටන් ගත්ත තැන නෙමෙයිද කොහෙද දැන් ඉන්නේ...කවුරුන් හෝ වෙලෙන්දන් රැලකගේ ග්රහනයට අසූවීදැයි හිතෙනවා. ඇය අනෝමා ජනාදරි......ජිනාදරි නොවේ නේද...
ReplyDeleteඇය දක්ෂ නිලියක් විවාදයකින් තොරව.
මම ඇයගේ මාඝාත වේදිකා නාට්‍යයේ සිට සියල්ලක්ම වාගේ නිර්මාණ නරඹා තිබෙනවා.
ඇය පටන් ගත තැන නෙමෙයි ඉන්නේ කියන එක හැගෙනවා. .... ඇය නුතනවාදයට බර වෙලා.බටහිරකරණය තුල හිර වෙලා කියල නම් දැනෙනවා.
Deleteජිනාදරී ... කියල නම් තමා මතක. මම ඇයගේ 'දියකැටපහන' නැරඹුවා. අති දක්ෂ හැගීම් විවරණයක් ඒ තුල තිබුන....
මැය පුනරුක්ති 2 එලි දක්වා ඇත්තේ නම් හුදෙක්ම පළමු පොතෙන් ගොඩ නගා ගත් වෙළඳපොලෙන් ප්‍රයෝජන ගැනීමට පමණයි
ReplyDeleteසමහර විට ඇය එය උත්තේජනයක් කර ගන්න ඇති.....කොහොම නමුත් ඇය වෙනස් වෙලා..... ඉවාන්...... එය සුබවාදී වෙනසක් වේදැයි යන්න නම් අවිනිශ්චිතයි....
Deleteඇගේ චරිතය තුලින් වටහා ගත කරුණු නම්....
ReplyDelete1 ළමා හිංසනය
2 අපයෝජනය
3 දරිද්‍රතාවය
4 අඩු සැලකිල්ල
5 ප්රතික්ෂේපය
ළමයකු මේ තත්වයන් අත් විදිනවා නම්. ඔවුන්ගේ අනාගතය කෙබදු මාර්ගයකට අවතීර්ණ වේදැයි මේ අනුව සිතිය හැක.,
සමාජය මේ උදාහරණය හිතට ගෙන.... ළමුන් ආරක්ෂාකර ගැනීම වටින්නේ ...... ජිනදරිලා තවත් බිහි නොවෙන්න ඕන නිසාය......
මේ සටහන ජිනාදරිට රිදවීමට නොව, අපේ අනාගත පරපුර සුරක්ෂිත කිරීමට , මගක් කර ගන්න. ළමුන් කෘරත්වයට භාජනය කරන්න ඉඩ නොදෙන්න.
අනෝමා ජනාදරී නමින් අගේ නම නිවැරදි විය යුතුයි. මැය ගැන මා කර ඇති අධ්‍යයනය අනුව නම්, ඇය නොමග යාමට හෝ සූරාකෑමට ලක්වීමට හේතුවුණේ ඇය සිතාමතාම විචක්ෂණශීලී භාවයෙන් තොරව කටයුතු කිරීම නිසා බවයි මගේ අවබෝධය. ඇයට කලාව සහ අපේ සංස්කෘතිය අතර ඇති යම් යම් පරස්පරතා යථාර්ථවාදීව අවබෝධ කරගන්ට ලැබුනා නම් තවමත් හොඳ නිලියක් ලෙස රැඳෙන්නට 100% ක් ම ඉඩ තිබුණා. අදටත් ඇය ප්‍රමාද නැහැ.
ReplyDeleteවිචාරක තුමනි..... උගත් කාන්තාවක් හිතාමතා මේ වගේ තත්වයකට පත්වුණේ කොහොමද....? යන්න ගැටළුවක්...... නාට්‍ය කලාව, දේශපාලනය ඇය හදාරා ඇති කෙනෙක්.... එහෙම කෙනෙකුට කොහොමද අනවබෝධයක් තියෙන්නේ..... සමාජය හා තාම පවුලේ කාර්ය භාරය ගැන.
Deleteමේ බලපෑම..... කුඩා කල පටන් ගත් එකක් වන්නට බැරිද.....? යම්.... නිලින ලක්ෂණයක් කලනුරුපිව මතු උනා වෙන්නට බැරිද....?
අපි මේ සංසිද්ධිය දිහා බැලිය යුත්තේ..... ඇයගේ සමාජ පරිනාමයත් සමගයි..... නේද.....?
මම නම් ඇය ගැන ලොකුවට යමක් කියන්න යන්නේ නෑ.. නමුත් දැකලා තියෙන විදිහට ඇය තෝරගන්නෙම විශේෂිත වුන චරිත.. ඇයට හැකියාවක් තියෙනවා.. අනිත් අය මතුකරණ කරුණු කෝම වුනත්..
ReplyDeleteඔව්.... දිනේෂ් ඇය විශේෂිත චරිත නිරුපනයක යෙදෙන්නියක්..... මේකම තමයි..... ඇගේ දුර්වලකම ලෙස සලකන්නෙත්.... වරද කොතනද කියල තේරෙන්නේ නැ.
Deleteඅනෝමා ගැන එයාම කියපු කතා කීපයක් මතක් වුණා. එයාගේ අසුන්දර ,තාඩන පීඩන වලින් පිරුණු ළමා කාලය එයගේ ජිවිතේ වෙනස් කළා මුළුමනින්ම, ඔයාගේ ලිපිය මගේ කෝණය තුල වටින ලිපියක්
ReplyDeleteස්තුතියි..... ඕමා...... කෝණය පුළුල් වූ තරමට ... අපට මිනිස් සන්තානය තෙරුන් ගන්න පුළුවන්.....
Deleteමනුස්සයෙක්ගේ අනාගතය තීරණය කරන්නේ ගොඩක් වෙලාවට ඒ මනුස්සයගේ අතීතය තමයි
ReplyDelete