එන්න , එන්නම රටේ ළමා අපචාර සිදුවන ප්රවනතාව වැඩිවෙලා තියෙන්නේ කියල අපි හැමෝම දන්නවා . දවසින් දවස මෙහෙම වෙන්නේ කොහොමද කියල හිතා ගන්න බැරි වෙන්නේ තර්කයකින් තොරවමයි.
අතීතයේත් මේ විදියට අපචාර වෙලා තියනවද කියල ලොකුවට දැන ගන්න නෑ. ඇත්තටම හේතුව , ඒවා ගැන , දැන ගෙනත් කව්රුවත් නොකිමද ...? නැත්නම් .... ලොකු හානියක් නොවීමද ...? එහෙමත් නැත්නම් මාද්යයේ නොදියුණු කමද ...?
මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ , අපි ළමයි කියල හදුන්වන යුගේදී, අපේ වයසේ සමහර ළමයි, ආදරේ කරලා , පැනල ගියා , කොල්ලන් එක්ක. එතකොට අඩු වයස වෙද්දීත් , අපි දෑනන් හිටියේ නෑ, මේකත් ළමා අපචාරේම තමයි කියල . සමහර ළමයි හිටි ගමන් ගෙදර නතර උනා. ආරංචි උනේ, කගේ හරි අතින් කරදර වෙලා මුණ දෙන්න බැරිව නතර වෙලා කියල . පස්සේ බලන කොට අඩු වයසින්ම කාට හරි බන්දල දීලා. සමහර ළමයි ටිකක් විසේට හිටිය .... පිරිමි ළමුන් එක්ක ඇවිදලා ඔවුන් අතින් දුෂණය වෙලා . එහෙමත් නැත්නම් , කුඩා කල අතවර සිදුව, විවාහ කල්පමාව හෝ සදාචාර විරෝධී චර්යාවන් ගත කරන ගැහැණු බවට අද වන විට පත් වෙලා . එදා ළමුන්ව සිටි ඔවුන් අදටත් ඉදහිට හමුවෙනවා. ප්‍රගතිය මැන ගත්තේ එතනින්, සමහර විවාහ ජිවිත .... අතීත අතවර හේතුවෙන් අවුල් වෙලා . දැන් තමයි මේ සිදුවෙන ළමා අපචාරත් එක්ක , ඒ කතා මතක් වෙන්නේ , එහෙත් බාල වයස් පිරිමි ලමුන් ගැන නම් කුමන කතාවක් වත් ඔය විදියට ආරංචි වෙලා නෑ.
එතකොට ලැබිච්ච දඩුවම් ... ඒ චුදිතයන්ට ... කිසිවක් නෑ. බල පුළුවන්කාරකම් තියන පවුල් වල ඔවැනි සිදුවීමක් උනොත්, ශේප් එකේ සල්ලි දීල අයින් කරනවා, පැනල ගියොත් බොහෝ විට වැඩි වයස දාලා හරි කසාද බැදලා. නැතිනම් අහිංසක පාර්ශවය බොහෝ විට අලාභය දරා ගෙනම නිහඩව විදවනවා. නැතිනම් අද වනවිට තවත් අපචාර වලට උදව් දෙනවා.
මේ සිද්දිය අතීතයේ සිටම දිගින් දිගටම සිදු උනා කියල මට නම් හිතෙනවා. එතකොට ළමා අපචාර කියන්නේ නිලීනව බල පවත්නා සමාජ ක්‍රියාවක්ද කියල වරෙක හිතෙනවා, ඔබ ..... මේ වන විට වැඩි වයසක් පහුකර ඇත්නම් , මේ සංසිද්ධිය මතක් කර බලන්න . ඔබට අහන්න ලැබුනේ එදා මොනවාද කියල .
ළමා අපචාර සදහා ඇති නවතම ප්රවනතාව නම් අතවරයෙන් පසු මරා දැමීමයි. එයට හේතුව , අතීතයේ නීති ක්‍රියාත්මක නොවුවත්, අද වන විට නීති බලපවත්නා නිසා, දුෂකයෙක් යන සමාජ නාමයට ඇති බිය නිසා, ප්‍රබල මාද්‍ය ඔස්සේ සිය දහස් වරක් , ඔහුවද දුෂණය වන නිසාවෙන් ළමුන් මරා දැමීම සිදුව තිබෙනවා.
ළමා කාමය සදහා මේතරම් පිරිමි උනන්දු ඇයි....? මේ තත්වය මානසික ව්යකුලත්වයක ප්‍රතිපලයක්ද ....? එසේත් නැත්නම් .....හෝමෝන සාන්ද්‍රණයේ හදිසි අඩු වැඩි වීමක්ද ...? මෙය කොන්ඩයගේ සහෝදරයා ගැන නොව ( ඔහු සුළු මානසික රෝගියකු බැව් ප්‍රදේශයේ ප්රකටව ඇත |) මට මතක් උනේ අර මාතර පැත්තේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී , ඒ වගේම තංගල්ලේ ව්‍යාපාරිකයන්ගෙන් සිදු වූ පාසල් ළමයකු සමුහ දුෂණය යන සිද්දීන්. ඔවුන් නම් සාමාන්‍ය මානසික මට්ටමේ උදවිය.
එදා සිට අද වන තෙක් ළමුන් දුෂණය වැඩි වෙලා මිස අඩු වෙලා නම් නෑ. මේ දුෂක උත්තේජනය මිනිසුන්ට ලැබෙන්නේ කොහොමද ....? ඔබ දන්නවද ...? සොයාගත යුතු කරුණ එයයි, මට හිතෙන විදියට එතනින් තමයි මේ සමාජ පිළිලය ඉවත් කරන්න උත්සහ ගන්න ඕන.ගෙවල් වල ඉන්න දරුවන් අමු අමුවේ දුෂණය වෙද්දී, අර විදි දරුවන්ට සිදුවන අතවර ගැන කවුරුත් නොදන්නේද .....? අප ඔවුන්ට සිදුවන දේ ගැනත් අවදානයෙන් සිටින්න ඕනේ. මොකද බාල අපරාධකරුවන් බිහි වෙන්නෙත් එතනින්. රැදවුම් නිවාස ගතව සිටින , බොහෝ ළමුන්ගේ කතා මං අසා තිබෙනවා. එලෙස විනාශ වුනේ අපේ රටේ අනාගතය කියල කවුරුත් හිතන්නේ නෑ.
සේයා ඝාතනයත් සමග ගම් මට්ටමින් දැනුවත් කිරීම් වැඩසටහන් ක්‍රියාත්මක උනා. ළමුන් ආරක්ෂා කර ගන්නේ කොහොමද ....? ගෘහනියගේ කාර්ය භාරය කුමක්ද ....? මේවා තමා මාතෘකා උනේ . දැනුවත් වෙලා දවස් දෙකයි ගියේ , මගේ දුරකථනයට සිද්දීන් දෙකක් වාර්තා උනා.
පළමු වැන්න ආච්චි අම්මා කෙනෙක්ගෙන් තම හය හැවිරිදි , මිනිබිරිය (මව මන්ද මානසික තැනැත්තියක් ) නාවද්දී , රහසග ඉදිමි ඇති නිසා දැරියගෙන් ප්‍රශ්න කර ඇත . පිළිතුර වුයේ , ඇයගේ පියා හවසට බිමත්ව පැමිණ ඒ ප්‍රදේශය පිරිමදින බවයි.
දෙවැන්න ... ඒ ගමේම , අම්මා, තත්තා, රස්සාවට යන නිවසක ගැහැණු දරුවකු තනිව නිවසේ සිටින විට , අල්ලපු ගෙදර ගෘහමුලිකයා විසින් ඔහුගේ ගෙදරට ඇය ගෙන්න ගෙන අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වීමයි. සේයාගේ කතාව අහපු මේ දැරිය , දෙමාපියන්ට මේ බව පවසා ඇත. පසු දිනයේ දැරියගේ පියා පාරේ රැක සිට පොරෝ පාරවල් ගැසීමෙන්, චුදිතයා නොමැරී ... රෝහල් ගතවීමත්, පියා බන්ධනාගාරගත වීමත් සිදුවන ලදී.
ඉතින්..... ඔබට පෙනෙනවද .... ළමා දුෂණය කියන්නේ අපරාධ වැලක ආරම්භයක් බව. මේ ආකාරයට ආරවුල් ඇතිවූ පවුල් කියක් අප අතීතයේ සිට දැක ඇත්ද ...? මේ හේතු මත සාමාන්‍ය මිනිස්සුත් නිතිය අතට ගන්නා යුගයක් නේද තිබුනේ. අදත් මේවා සිදු වනවා ඇති.
ඉහල පවුල් වල දෙමාපියන්ගේ නොසැලකිල්ලෙන් තම දියණිවරු , මෙහෙකරුවන්ගෙන් පවා දුෂණය වෙලා තියනවා. ඒ වගේම , සහෝදරයන් අතින් දුෂණය වෙලා තියනවා, එම ළමුන්ගේ නීති විරෝධී ගබ්සාත් ඒ වගේමයි. පවුල් වල නම්බුව රකින්න මේ ගබ්සා සිදු කර තිබෙනවා.
ඉතින් මේ බාල අපචාර කියන සංසිද්දිය අපි ලේසියෙන් බැහැර කලයුතු..... අමතක කලයුතු කාරණාවක් නොව , දිගින් දිගටම සිදු වන්නක් . අද සේයා වගේම. හෙට කවුරුන් ගොදුරු විය හැකිද ...? මේ ගැන හිතන්න. මාද්‍ය ප්‍රචාර වලට සවන් දුන්න වගේම , ළමා දුෂණය ඔබට තවත් එක් ප්‍රවෘත්තියක් පමණක් නොව, තමාගේම ඛේදවාචකයක් බව සිතන්න.