Friday, January 16, 2015

ආදරය සුන්දර රැවටිල්ලක් .

      


             පරණ පොත් ගොඩක් අස්සේ අත් අකුරින් ලියවෙචච කාගේදෝ සටහනක් මට හමු උනා. මං හිතුව .... මේ සටහන blog අවකාශයේ රදවන්න. දිනයක්, හා අත්සනක් සටහන පහලින් සදහන්ව තිබුන, මෙන්න මෙහෙම 2006 වර්ෂය ලෙස. එක අකුරක් නෑරම කිසිම සංශෝධනයකට ඉඩ නොතබාම සටහන පහලින් පෙළ ගස්වමි. නමක්, ගමක් නොමැති මේ ආත්ම කථනය ආදරයේ විරහව සංවේදීව පෙළගස්වා ඇති ආකාරය ඔබට දකින්න සලස්වමි. නිර්නාමිකව ඇති නිසා කිසිවකුට හානියක් නොවේ. 
.......හුගක් දේවල් කියනවට වඩා, ලියන ඒක මට පහසුයි. මම හිතන්නේ ඉස්සරත් මම එහෙම කරා, ඔබට මතක ඇති. කියුදේට වඩා ලියු දේ බොහෝයි. ඒත්..... ඒ අතීතයේ මගේ සිතුවිලි හා දැක්ම පටු එකක් වියහැකි බව මට හැගෙනවා. 
   එදා තිබුන බොලදත්වයට ඔබ වඩා කැමති ඇති. ඒ මන්ද , ඔබ  කියන්නේ දැන් මගේ හිත ගොරෝසු එකක් කියල. ඔබට වැරදි ඇතැයි මට සිතේ. මා ගැන ඔබේ හැගීම ..... ම'සිත නම් සියුමැලියි බොහෝ සේම. ඔබ හදුනා ගෙන නැ ඒ වග. 
      ඔබ මගේ සිත දන්නව නම්, චෝදනා කරන්නේ නැ එලෙස. අධි සංවේදී සිතක් හිමි මට නිරන්තරයෙන් දැනෙන දුක.... හංගගෙන මම හිනා වෙන්න පුරුදු වෙලා. වෙලාවකට මහමෙරු පර්වතය වගේ නොසැලී ඉන්නවා. ඒ ආත්ම ශක්තිය තුල ඇති බලවත්භාවයයි කියලයි මට හිතෙන්නේ. 
     වසර දහයකට පෙර සිටි ඔබ නොවෙයි, දැන් ඉන්නේ කියල , මා ඔබට කීප සැරයක්ම කිව්වා මතක ඇති....... ඔව්....... ඒ .... ඔබ නොවෙයි...... ඉන්නේ. අද ඉන්නේ එදා මා , ඔබ තුල දුටු , ආත්ම ශක්තිය , ජීවි භාවය පෙනෙන තෙක් මානයක අද නැහැ. දුටු මතින් අවබෝධ වන ඒ වෙනස ම'සිත තිගැස්මකට ලක් කලා කිව්වොත්  එය සතයක්.
             ඒ කාලය තුල ඔබ නොදුටුවත්, මා සිතා සිටියේ...... ඔබ එදා.... තරණය කරපු කදුවැටියෙ මුදුනටම ඔබ ලගා වෙලා ඇතැයි සිතාය. ඔබ මංමුලාව ඇති බව පමණක් වටහා ගත හැක. ඉනික්බිති, කුමක් මා ඔබෙන් අසන්නද....? සියළුදේ පැවසීම ඔබේ වගකීම උවත්, සගවා ගත්  බොහෝ දේ ඇති බව පමණක් මා දනිමි. 
          ඔබට වදයක් වීම මා හට රුචි නොවේ. නැවත නැවත විමසීමත්, එබන්දකි. ඒ සියල්ල නිශ්ඵල වැයම් පමණි. ඒත්..... මට දැනෙන පිඩාව නම්....... නිම නොවේ. ඔබට මා සත්තකින්ම ආදරේ නිසයි,.... සියළු දේ දරා ගන්න සිදුව ඇත්තේ. 
       ජීවිතය කියන්නේ සරල සුන්දර දෙයක් නොවේ. බොහෝ සංකීර්ණ කඩඉම් පෙළක්. ආදරය කියන්නේ ඊටත් වඩා ගැඹුරු සංකල්පයක් කියල ඇයි.....? ඔබ තේරුම් නොගන්නේ. ඒක අධ්‍යාත්මික බැදීමක් නම් තවත් බොහෝ දුර විහිදේවි අනන්තය දක්වාම. ඒකට නම්, අර්ථකතන, නිර්වචන, විශ්වවාපි බිහි වෙලා නම් නැ තවම. පිළිගන්න වෙනවා අධ්‍යාත්මික බැදීම් .....තව කෙනෙකුට හදුනා ගන්න අපහසු බව. ඔබ මට එවැනි බැදීමක්.
          ඔබ හිතන්නේ නැතුවට අපුර්වත්වයක් තියනවා ඒ තුල මට දකින්න බැරි සම්පුර්ණයෙන්ම. යම් දෙයක් ගැන ඇතිවන හැගීම්, යථාර්තයෙන්ම ලියා එලෙස දැක්වීම, මගේ විවෘතභාවය කියල ඔබට නොතේරෙනවා ඇති. ඒත් ඒක ඇත්තක් ..... ලියන්නවත්..... කියන්නවත්...... පන්හිදටවත් ...... සිතුවිළි වලට වත් විලංගු දමන්න එපා.  
           සම්ප්‍රධායිත්වය වැදගත් ඔබට වගේම මට, ජිවිතේ වටිනාකම් බොහෝමයක් තියෙන්නේ ඒ තුල. ඒත් ඒ ..... සම්ප්‍රධායිකත්වය තුල ඉදන් ජිවිතේ දකින්න ඔබටවත්, මටවත් බැ. ජිවිතේ එක තැන තියෙන්නත් බැ. ජීවිතෙන් ආපස්සට යන්නත් බැ. ඔබ දන්නව, මේ තරම් දුරක් මං ආවේ..... සම්ප්‍රධායිකත්වය තුල ඉදන් නොවන බව. ඒත්.... ඒ.... සම්ප්‍රධායන්ට පයින් ගහල නෙමේ. හොද අවබෝධයෙන්, ඉවසිලිවන්තවයි. ඒත්..... ආදරය සම්බන්ධයෙන් මා දරන මතය නම් හුදෙක්, සම්ප්‍රධායෙන් බැහැර නොවෙච්ච එකක්. 
        ඔබ ගැන මේ තරම් දුකක් දැනෙන්නෙත්, ආදරයට මා ආදරය කරන්නෙත් ඒ හන්දා. ආදරය තරම් මා සිත සැනසූ ....හැඩවූ..... වෙනත් දෙයක් තිබුනේ නැ. ඒ ආදරයේ සම්ප්‍රධායන්ට තවමත් මා, වන්දනාමාන කරන නිසා. ආදරය වන්දනාවක්...... මට මගේ ජීවිතය තුල ඔබට පිදෙන. ඒ වන්දනාව ලබන්න ඔබ ශුද්ධ වස්තුවක් වෙන්න ඕන කියල , මම කියන්නේ නැ....... ඒත්..... මං හිතනවා ....එහෙම උනා නම් හොදයි කියල. 
          ජීවිතේට තව බලාපොරොත්තු එකතු කරන් , මම ඔබ දිහා බලාන ඉන්නව. ඔබ ලගට එන්න හිතාන ඉන්නව. ඒත්.... මගේ හර්ධ සාක්ෂිය එදිනට මාව ඔබ වෙත ඒවාවිදැයි කියල මටවත් හරියට කියන්න බැ. මේ හැම දෙයක්ම අඩමානයි, අවිනිශ්චිතයි කියල මගේ හිත මට කියනවා. දෛවය ඔබ මා එක් කරනවා වෙනුවට වෙන් කරන්නත් පුළුවනි. සියල්ල තීරණය වනුයේ ඔබ මතයි. 
        හිරු නැගෙන හැම දිනකම මල් පිපේවි. මල් පිපිල සුවද දැනෙන්න පටන් ගන්න කොට, ඒ සුවද විදගන්න එන සමනල රෑණක අසිරිය ජනෙල් කවුළුවෙන් පෙනෙන කොට ...... මට ඔබව මතක් නොවී තියේවිද......? ඒ සමනල රෑන අතරින් , මම ඔබව සොයන්න පටන් ගනීවි. ඒත්.... ඔබ මට සමනල හීනයක් නම් නෙමෙයි. එහෙම වෙන්නත් එපා. 
          වෙලාවකට ආදරය උණුහුමයි, ඔබ ලග ඉන්න කොට. ඒ උනුහුමට මම කොතරම් ඇළුම් කරන්න ඇත්ද කියලා මමවත් දන්නේ නැ. වෙලාවකට මගේ හිත අතරමන් වනුයේ ඒ උණුහුම අතරෙයි කියලයි මට හිතෙන්නේ. 
            ටිකෙන් ටික ඒ උණුහුම ගිනි ගොඩක් වෙලා මාව පිච්චෙන කොට හරියට අර ලාම්පු දල්ලට ලංවෙච්ච පලගැටියට උනුදේමද  මන්ද , මටත් උනේ කියල හිතෙනව. ඔබේ ආදරයෙන් මාව පිච්චෙන කොට නැගිටලා දුවන්න මට හිතුනේ නැ. තව තවත් පිච්චිලා අළු ගොඩක් විතරක් වෙනකන් අවසානයක් දකින්නයි මට ඕනෙ. එතකොට මගේ හැම හීනයක්ම පිච්චිලා තියේවි. එදාට මට සැනසීමක් දැනේවි. සමහර විට ඔබටත් ඕන උනේ, ඒ සැනසීම සදාකාලයටම ලබා දෙන්න වෙන්න ඇති.           සත්තකින්ම ඔබ මගේ හිත දන්නව. මගේ හිතේ ආදරයට ඇති තැන, ඔබට ඇති තැන ඔබ දන්නව. ඒත්...... මගේ හිතේ තියෙන නිසල බව, නොකැළැල් බව ඔබ දන්නේ නැ. ඒකයි...... වෙලාවකට රිදවන්නේ මට.
         සුසුම් ගොන්නක් හිත තුල තෙරපගෙන ඉන්න  බව ඔබ දන්නේ නැ, වෙලාවකට ඔබ  ඉන්නේ සිහිනයන් අතර බවයි මට හැගෙන්නේ. දෙලොවක් අතර ජිවත් වන ඔබ .......වෙලාවකට මගේ හිතට දුර වැඩියි කියල මට දැනෙනවා. ඒත්......  එක ලෝකයක් තෝර නොගන්නේ ඇයිදැයි මං දන්නේ නැ. 
       අහන් ඉන්න අමාරු , බය හිතෙන හැම කතාවක්ම මම ඔබ ගැන ඇහුව. ඇස් දෙකට  දෙකට කදුළු උනනකම්, මම ඒවා අහන් හිටිය. දරා ගන්න පුළුවන් උපරිමයකට යටත්ව සාවදානව ජීවිතේට මුණ දෙනව කියල හිතුව. ඒත් ..... ඒ.....  දහිරිය ... මම මගේ හිතට දැඩිව ලබා දෙනකොට ....... අනිත් පැත්තෙන් හිතෙන්  කෑල්ලක් කඩාගෙන බිදගෙන යන්න හදන බව, මම දැනන් හිටියෙ නැ. මම ඔබෙන් අහන්නේ එකම එක දෙයයි. ආදරය කරනවා කියන්නේ මේකටද.....?
           බැදීම් හැම විටම මාව දැඩිව පෙලනවා. මට ඕනෙ මේ හැම දෙයකින්ම ඈත් වෙන්නයි........ බැදීමක් නැති උනාම ජිවිතේ සැහැල්ලු වෙනවා. ඒ සැහැල්ලු බව අත් විදින්න මට පෙර වගේ පුළුවන් උනා නම්, මගේ හිත මෙච්චර අඩන්නේ නැ........ ආත්මයක තියන සැහැල්ලු බව අත්විදින්න මට පෙරදා වගේ පුළුවන් උනා නම්,...... මගේ හිත මෙච්චර අඩන්නෙ  නැ. ඒ  සැහැල්ලු බව මට විදින්න ඕන. මගේ හිත බර කරන්න එපා තවත්. 
        ඉමක් කොනක් නොපෙනෙන මහා පාළු කාන්තාරයක මගේ හිත අතරමන් වෙලා. අනේ....... මං තනි වෙලා......ඔබ මාව අතරමං කරලා යන්න ගිහින්...... ඔබ මට ආදරෙයි කියල කොපමණ කිවත්...... ඒක ඇත්තක් නෙමෙයි කියල මං දන්නව. ඔබේ ආදරය රැවටිල්ලක්ම විතරයි කියල මගේ හිත මට කියනවා. ඒක හරිම සුන්දර රැවටිල්ලක් කියල මම ඔබට කියනවා.........  
        
මේ ආත්ම කථනය අවසන් වුයේ ..... එලෙසිනි...... ඔවුන් කවුරුන්දැයි..... මා නොදන්නෙමි...... ඒ කෙසේ වෙතත්....... මා සමග සිටිය උන් බව නම් පැහැදිලියි. අද කොතන සිට කෙබදු ලෙස ජීවිතය විදිනවාද යන්නත් නොදන්නෙමි. මේ සියල්ල අතීත සිහිනයන් පමණි. මෙ'බදු .... අයිතිකාරයින් සොයා ගත නොහැකි සටහන් ..... තවමත් .....මා සතුව ඇත. 

24 comments:

  1. මෙය ඔවුන් වෙත කරන ලද අගය කිරීමක් වන්නේය..... අනෙක් ලිපිත් දාන්න.... මේ වගේම අගේ අැති........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..... කුරුටු..... මේක දැම්මේ අත්හදා බැලීමක් ලෙස....... මොකද මේ සටහම් පරණයි..... අදට ගැලපේද..... දන්නේ නැනේ.
      තව කීපයක් තියනවා..... ඒවත් දැන්නම්.....

      Delete
  2. කාගෙවත් සටහන් කොහොමද නිහිංසා ළඟ???

    අපි හැමෝගෙම ජීවිත වල අඩු වැඩි වසයෙන් අපිට අපේ නොවන අපේම සිතුවිලි මතකයන්, අපි අපේ කියල අමතකරන්න හදන හැඟීම කොච්චරක්නම් ඇත්ද.

    හැබෑවමයි, ගෑණු ළමයි හිතේ තියෙන ඒවා කෙලින්ම වචන වලින් කියනවට වඩා කැමති ඒවා ලියන්න තමයි. පැය ගානක් ෆෝන් එකෙන් කතාකලත් ඒ මුලු කාලය තුලම නොකී දේවල් ඊළඟට එන එස් එම් එස් එක ඇතුලෙ තියෙනවා..

    හැමෝගෙම ජීවිත තුල තියෙනවා හරිම සුන්දර ගීතයක්.

    ReplyDelete
    Replies
    1. මනෝෂ්...... වසර 21ක් පමණ මා ජිවත් වුනේ ටිකක් වෙනස් අත්දැකීම් ඇති අය සමග..... එයාලගේ ප්‍රකාශන ලියල තිබ්බේ..... දුක අඩු වෙන්න , වෙන්න ඇති... බොහෝ සටහම් මා සතුව තිබුන. ඒ වෙලාවේ..... ඒක කොළ ගොඩක් ලෙස මගේ ලාච්චුවේ තිබුන, මං ඒවා විනාශ කරලා දැම්ම, නැවත මටම ඕන වෙයි කියල හිතුනේ නැ.
      දැන් තිබුන නම් වටිනවා.... මේවගේ දන්නා තිබුන.....
      මේ තියෙන්නේ ආදරය පිළිබද සාමාන්‍ය සිතුවිලි නේද...? මනොෂ්.....?

      Delete
    2. //වසර 21ක් පමණ මා ජිවත් වුනේ ටිකක් වෙනස් අත්දැකීම් ඇති අය සමග//

      පැහැදිලි කිරිමක් අවශ්‍යයි . කැමතිනං විතරක්

      Delete
    3. අටම් අයියේ , මම හිතන්නේ පිශ්ෂන් කොටුවක වගේ වෙන්නැති . හිහීඓඉරිද්ෆ්ග්ද්ෆ්ජ්ග්ග්ඛ්හිජෙහෙ

      Delete
    4. අටම් අයියා එක්ක එකඟයි...

      Delete
    5. අටම්...... වසර 21 ක් කිව්වේ මෙන්න මෙහෙම ....[16 එකතු කිරීම 5 ] ඇතුලේ සිටියත් ... එළියේ සිටියත්..... මට හම්බ වෙන්නේ එකම ජාතියේ අය..... ඔයා දන්නවනේ ඉහත කි මුල් කාලය තුල මෙවැනි සටහන් අපට හම්බ වෙන්නේ කොහොමද කියල. [search] වලදී.... මං මේවා කියවල විසි කරන්නේ නැතිව, එකතු කලා, බොහෝ වැදගත් සටහන් දැන් නැ.
      පිස්සන් කොටුවක උනත්, මෙවැනි සටහන් තියනවා. වයලිනෝ...... මේ එතෙන්ටත් යන්න කලින්...... සමහර විට අවසානය පිස්සන් කොටුව උවත් විය හැකියි.
      ඔන්න මනොෂ් මං උත්තරය පැහැදිලි කලා. අටම්ට ...... වසර 21 කියන්නේ සමස්ථ සේවා කාලය.

      Delete
    6. තරමක් දුරට පැහැදිලියි. සීයට සීයක් පැහැදිලිකරගන්න උත්සාහ කරන්නෙ නෑ, ඒක ඔබේ පුද්ගලිකත්වයට කරන අනිසි බලපෑමක්..

      Delete
  3. හ්ම්ම්ම්ම් දෙපාරක් කියෙව්වා . මාර විදියට ඒක ලියලා තියෙනවා .

    මනෝෂ්ගේ කතාව ඇත්ත .

    //අපි හැමෝගෙම ජීවිත වල අඩු වැඩි වසයෙන් අපිට අපේ නොවන අපේම සිතුවිලි මතකයන්, අපි අපේ කියල අමතකරන්න හදන හැඟීම කොච්චරක්නම් ඇත්ද.//

    ReplyDelete
    Replies
    1. වයලිනෝ.....ඒ වුනාට තාම තනිකඩ කිව්ව නේද....?
      ඔන්න මේකට තමයිලු ආදරය කියන්නේ....

      Delete
    2. ආආආ හොලා හොලා .....
      හොලෙන් පෝස්ට් කියෝනවා නේද ? . මම හිතුව කියවන්නේ නැහැ කියල .

      Delete
    3. අන්න ඔයාට වැරදිච්ච තැන. දවසේ lap ඒක ලග වැඩි උනාම අහුවෙන හැම එකම මම සාමාන්‍යයෙන් කියවනවා. ...තේරුනාද....? වයලිනෝ....

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  4. දොර කවුළු විවර කරන අරුණ උදයේ..
    සීතල සුළඟ ඔබෙ සුවඳ රැගෙන හමාවී
    නිදි යහන දෙනෙත නිසල කරන මොහොතේ..
    රෑ ඝන අඳුර ඔබේ සිහින මසිත සදාවී

    නන්දා මාලිනී ඔහොම ගැයුවේ ආදරේ ගැන.. ඒක මහ පුදුම එකක්.. නිදහස් වෙලාවට අර අනිත් සටහන් ටිකත් බෙදාගෙන කියවමු. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...... කලණ මිතුර...... නැවතත් ඉතිරි සටහන් පළ කරන්නම්.....
      සිත සැනසූ...... සිත් නැලවූ...... සිත හැඩවූ...... ආදරයද මේ.....?

      Delete
  5. කියන්න දන්නේ හිතට තදින්ම දැනුනා කියලා විතරයි.. ඒ හැඟීම විස්තර කරන්න තේරෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ දිනේෂ්..... ආදරය කියන්නේ අපට පොදු දහමක්. ඒ ටික අමතක කරන්නේ බැ. ... දැන් ගොඩක් අය ආදරය ගැන සංවේදී තැන ලියනවා අඩුයි..... ඒකයි , මේ සටහන දාන්න මට හිතුනේ.

      Delete
  6. "සත්තකින්ම ඔබ මගේ හිත දන්නව. මගේ හිතේ ආදරයට ඇති තැන, ඔබට ඇති තැන ඔබ දන්නව. ඒත්...... මගේ හිතේ තියෙන නිසල බව, නොකැළැල් බව ඔබ දන්නේ නැ. ඒකයි...... වෙලාවකට රිදවන්නේ මට."

    කොහෙන්ද අෆ්ෆා මේක හොයා ගත්තේ.. නියමයි ...උපරිමයෙන්ම දැනුනා..අනික්වා ටිකත් හෙමින් සැරේ දාමු හොදේ

    ReplyDelete
    Replies
    1. සුසී..... ඔය ටික අපේ අනිත් පාර්ශවය තෙරුන් ගන්නේ නැනේ. .....ඔක්කොම එකයි බලන් ගියාම නේද.....?

      Delete
  7. අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියෝවක් නෑ

    ReplyDelete
    Replies
    1. ඔව්....ඉවාන්...... ආදරයෙන් නොබැදි ඉන්න බැ..... නේද...?

      Delete