ක්‍රිස් යනු ඇමෙරිකානු රණශුර නේවි සීල් භටයෙකි . නේවි සීල් යන වචනය ලොව ප්‍රසිද්ධියට පත්වුයේ , දරුණුතම ත්‍රස්තවාදියෙකු වූ බිල් ලාඩන් තුරන් කිරීමට සම්මාදම් වූ ඇමෙරිකානු නාවික හමුදා ඛණ්ඩයක් වූ නිසාය . මුහුදේ ,ගුවනේ ,ගොඩබිමේ එකසේ දස්කම්පාන , සුවිශාල පිළිගැනීමක් මෙම හමුදා භටයින්ට ලැබී ඇත .
ඔවුන්ගේ දස්කම් ගැන මෙලෙස කතා වුවද , විසි වසරක් මෙම අනු ඛණ්ඩයේ සේවය කොට විශ්‍රාම ගිය යකාටවත් බයනැති පිරිමියකු , ලිංග විපර්යාසයකට බදුන්වී ඇති බව හෙළිදරවු වීමෙන් නේවි සීල් ඇතුළු භටපිරිස් පමණක් නොව , පෙන්ටගනය ඇතුළු ඇමෙරිකානු බලධාරීන් පුදුමයට පත්ව සිටි .
ඔහු දැක්වූ දස්කම් සදහා ලෝකඩ තරුවක් (Bronze Star), දම්පැහ හදවතක් (Purple Heart) ඇතුළු සම්මාන දිනාගත් අභීත රණවිරුවාගේ සිරුර තුල ගැහැනියක සැගවී සිටියාදැයි , කෙලෙස සිතන්නද, ක්‍රිස් බෙක් නමින් සිටි නේවි සීල් භටයා , දැන් ක්‍රිස්ටීන් බෙක් බව කියා සිටින්නීය . එදා ඇගලු පිරිමි ඇදුම් වෙනුවට කාන්තා ඇදුම් ඇද වරලස දිගට වවා , දෙකම්පුල් රෝස පැහැයෙන් ප්‍රමුදිතව සිටින්නීය . ක්‍රිස් නේවි සීල් මෙහෙයුම් සදහා දායක වෙද්දීත් , ලිංග විපර්යාසයට බදුන් වෙමින් සිටි බව ප්‍රකාශ කලේ , රණශුර කුමාරිය නමින් ලියවූ තම චරිත කතාව ප්‍රකාශයට පත් කිරීමෙනි . නේවි සීල් භාටයකුව සිට ලිංග විපර්යාස වෙද්දී , විදි අභ්‍යන්තර ගැටුම් හා මුහුණ දුන් වේදනාවන් , සවිස්තරව රණශුර කුමාරිය කෘතිය සම කතුවරිය වන ඇන් ස්පෙක්හර්ඩ් හට කියා ඇත .
ක්‍රිස් පවසන්නේ ළමා කාලයේ සිටම ගැහැණු ලක්ෂණ ඔහුට තිබු බවය . ඒත් එදා පසුබිම තුල එය ලොවට හෙළිකරන්නට නොහැක . එය රහසක් ලෙස තබාගෙන යුද්ධ අභ්‍යාස වල කරට කර යෙදී ඇත . ලිංගික අවශ්‍යතා ගැන සිතන්නටද කාර්යබහුල වූ නිසා වෙලාවක් නොවිය . ඔහු දැන් විශ්‍රාම ලබා , මේවන විට සම්පුර්ණයෙන්ම කාන්තාවක් වීමට හෝමෝන ප්‍රතිකාර වලට ලක්ව සිටින්නීය , ඉදිරියේදී ශල්‍යකර්මයකටද මුහුණ දීමට ඇත . ඇය අද සතුටින් දවස ගෙවයි .
කෝම හරි කමක් නෑ ජීවත් වෙනවා නං...
ReplyDeleteබලන් ගියාම එකත් හරි....
Deleteනේවි සීල් බලකාය ගැන මාත් හරිම උනන්දුයි. ගැහැනියක් වුනත් ඔහු කදිම වීර(වරියක්)
ReplyDeleteඇත්තෙන්ම ඔව්......
Deleteඇය/ඔහු ඒ පිළිබද සතුටෙන්නම් එයයි වටින්නෙ.
ReplyDeleteඇත්තෙන්ම අද ඔහු සතුටින්......
Deleteමාරයිනේ ඇ, ඇය (ඉස්සර ඔහු) ඇය ගැන තෘප්තිමත් නේද? එහෙත් ඇගේ සංක්‍රාන්ති අවදියේ ලපබු වෙදනාවන් ඇය පොතට ඇතුල් කරලා, හැබැයි ඹහොම දේවලි නං හතුරෙකුට වත් වෙන්න එපා.
ReplyDeleteඔව්..... හිත හදා ගත්ත නිසා සතුටින් ඉන්නවා, ඒත් .....ඒ දක්වා එන්න හරිම අමාරුයි..... මං හිතන්නේ ඔහු පෙර ලබපු පුහුණු නිසා, දරා ගැනීම, උපේක්ෂාව, විනය ආදී කරුණු උඩ ඇය ඇත්ත තේරුන් ගෙන ජීවිතේට මුහුණ දුන්නා...
ReplyDeleteඔව්වා ගනන්ගන්න එපා අනේ....
ReplyDeleteසීල් කව්වම මට හිතුනේ අර තල්මස්සු වර්ගෙ ගියලා
ජය වේවා!!!
ආආඅ....... සිල් තල්මසුන්ද....?
ReplyDeleteමානව නිදහස .
ReplyDeleteඔව් නේ .......
ReplyDeleteනොයෙකුත් මානසික පීඩනයන්ට මුහුණ දෙන්න ඇති. ඒත් අවසානයේ සතුටින් ඉන්නවා නම් එච්චරයි.
ReplyDeleteවෙන්න ඕනෙත් ඒක.......සතුට..... විතරයි..... එයාගේ ජීවිතය ජිවත් කරන්නේ.....
Deleteඇත්තෙන්ම මෙතන මට කියන්න විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ගැහැණෛයට රණ ශූරකමක් තියෙන්න පුලුවන් කියන එක. ඇත්තටම ගැහැණෛයක් වීම රණකාමීත්වයට බාධාවක් නෙවෙයි මෙතන තිබෙන ලිංග විපර්යාසය මොකක් උනත්.
ReplyDeleteගැහැණිය රණ ශුරියක් බව සිංහල ඉතිහාස කතාවල සදහන් වෙනවා, මතකද...? වෙස් වෙලාගෙන සටන් ඉගෙන ගත්ත කාන්තා චරිත එදා තිබ්බ බව, අංගම්පොර පවා ඉගෙන ගෙන තියනවා.....ඉතින් ...ලිංග විපර්යාස උනත් ඒකයි...... නැතත් ඒකයි..... කාන්තාව රණකාමියි.....
Deleteමේ ලිංග විපර්යාසය ඉබේ වෙච්චි දේකට වඩා මානසික විපර්යාසයක ප්‍රතිඵලයක් දුරදිගයෑමෙන් පසු මෙයා උවමනාවෙන් ලිංග විපර්යාසය කරගැනීමක් වෙන්න පුලුවන්. මේ වගේ අයට මේ මානසික විපර්යාසය ව්න්න ඉස්සර වෙලා ඒ මානසික තත්වයට ප්රතිකර්මය කර තිබුණානම් මේ ට්ටික නොවෙන්නත් තිබුණා.
ReplyDeleteතමන් ගේ කැමැත්ත තමා ඉතිං
ReplyDeleteකැමැත්ත වෙනස් කරන්නත් බැනේ..... නේද...?
Deleteසමහර විටක එහෙමත් වෙන්න පුළුවන්..... මානසික විපර්යාසයක ප්‍රථිපලයක් ලෙස ලිංග විපර්යාසය විය හැකියි..... ඒත්..... මුලින් මේ ගැන කාටවත් කියල නැති නිසා.....සිද්දිය දුරට ගියා වෙන්න හැකියි....
ReplyDeleteහ්ම්ම් එතකොට එකත් එහෙමයි නේද?? තමන්ටත් අනුන්ටත් කරදරයක් නොවෙනවානම් මොනා වුනහම මොකද? සතුටයි වැදගත්.. ඔන්න අපිත් ආවා.. දිගටම ගොඩ වදින්න අවසර
ReplyDeleteදිගටම ගොඩ වදින්න අවසරයි..... shagiyo...... සතුට අංක එක.....
ReplyDeleteඅයි ආවේ මේ පැත්තට , දේශා කිව්වා වගේ කොහොම හරි ජීවත් වෙන එකම මදැයි . මේ සිද්ධිය ලංකාවේ වුනානම් ?
ReplyDeleteමේ සිද්දිය ලංකාවේ උනා නම්...... අපේ මිනිස්සු ටිකක් අමුතුවටනේ බලන්නේ..... ආවට ස්තුතියි.... ඉවාන්....
ReplyDeleteමේ සිද්දිය ලංකාවේ උනා නම්...... අපේ මිනිස්සු ටිකක් අමුතුවටනේ බලන්නේ..... ආවට ස්තුතියි.... ඉවාන්....
ReplyDelete