සිනාසෙන නුවන් .....
සිනාසෙන ඔය නුවන් ම'නෙතු ගැටෙන විට
දන්නේ නැ ..... මන් නුඹට සෙනෙහෙ වග
මාවත දිගේ පියමනින නුඹේ රුව දකින්න
නෙතු පෙළගැසී බලාසිටියා හැම දිනකම
නුඹ සිනාසුනා දුටුව හැම දිනකම
මම සිනාසුනා සිතට බර දරාගෙන
ප්‍රේමය මෙතරම් තිගැස්සෙන සුළුවීද යත්
වටහාගත නොහැක පරිණත වූ මගේ සිතට
වදනකට නොපෙරෙලෙන මුමුණන සිවුනෙතු
කවදා දොඩමලුවේද නෙතින් නොව මුවින් අපි
නුඹ දකින මට දැනෙන ........ සංවේදී අපේ පෙම
කවර දින මල්වරව හිනැහෙයිද අපේ සිත් ......
හිනැහේවි ලගදිම
ReplyDeleteදොඩමලුව වදනින්
වැටහේවි සිතට
ආදරේ බැව් අප අපට.. :)
ඒක එහෙම වෙන්න එපා කියල..... දැන් , මං කියනවා, සුසී....... මේක මං ලිව්වේ මිට අවුරුදු 11 කට පෙර වගේ මතක. එදාට වඩා අද වෙනස්.....
ReplyDeleteබල බල හිටියොත් නම් මල්වර වෙන එක පරක්කු වෙයි.. ඒ හදා කතා කලානම් තමා හොද..
ReplyDeleteඅනේ..... දිනේෂ් ඒක උපන් ගෙයිම මිය ගිහින්නේ..... ඉතින් කෝම.... මල්වර වෙන්නද....?
Deleteවසර 11 ට පෙර නම්.....දැන් මල්වරව හිනැහිලා ගොඩක් දුර ගිහිල්ල ඇති නොවැ ....... නිහිංසා....?
ReplyDeleteනැනේ..... කෙන්ජි...... මේ වනකොට මං විතරක් දුර ඇවිත්......
Deleteඅපූරුයි.....
ReplyDeleteඅතීත කතාවක්ය ෙම්...
අතීතයේ ප්‍රේමනීය හැගීම්..... මේ වගෙයි..... වැඩි කලබල නැ......
Deleteදැන් නිහිංසාට ලියවෙන්නේ ආදරය ගැන විතරමයි
ReplyDeleteනැ ඉවාන්....... ලිපි ලියන ගමන් වෙනසකට නිසදැස් දානවා....... ආදරය ගැන අතීතයේ ලියවෙච්චි කතා..... ඉස්සර මං වැඩිපුරම ලියල තියෙන්නේ ආදරය ගැන විතරමයි....
Deleteඅවුරුදු 11 කට පෙර පතපු පැතුමක්ද?
ReplyDeleteපැතුවෙත් නැ...... ප්‍රියා..... දුටුවා...... හිතුවා .....පමණයි......
Deleteමගෙ කතාවකුත් මේක දැක්කම මතක් වුනා ජිවිතේට වචන 2ක තුනකට වඩා කතා නොකරපු අවුරුදු 2කක ආදරයක්..බින්දුවක්වත් ආදරෙ අඩු නොවුනු..ලස්සනයි කවි ටික
ReplyDeleteආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැ..... සිතුවිල්ල .... නොකොලිටි නම්......මෙවැනි කතා , අපේ ජිවිත තුල නැති වෙන්න බැනේ.....
Deleteප්‍රේමය නම් කිමෙක්ද කියලා හිතෙනවා...
ReplyDeleteප්‍රේමය විවිධාකාරයි...... මිතුර....
Deleteහැමෝම ගාව ඔය වගේ හැංගිච්ච එ් වා තියනවා...
ReplyDeleteජය වේවා!!!!
විදානේ....... ඒක හැන්ගිලම කියලත් කියන්න බැනේ..... මට හිතෙන්නේ , ඒ හැටි කියල....
Delete