Thursday, May 11, 2017

මිනිසා පිලිබද දාර්ශනික මතවාද




මිනිසා යනු සෑම විටම වෙනස් වූ චර්යාවන් සහිත කොට්ඨාශයක් බව එදා සිටි බුද්ධිමතුන් දැන සිටියහ. යමක් තේරුම් ගත හැකි අය, මේ පිරිස අතුරින්  දාර්ශනිකයන් ලෙස හැදින්වුහ . ඔවුන් තාර්කික වුහ. සාපේක්ෂ විග්‍රහයන් එදා නොතිබුනත්, යමක් පිළිබද නිරීක්ෂණාත්මක වුහ . එහි ප්‍රථිපලයක් ලෙස මෙලෙස සිය අදහස ඉදිරිපත් කරන ලදී.  අදටත් මෙම මතවාද වලංගුද නැද්ද යන්න ඔබට පැවසිය හැක. නැවතත් එම දාර්ශනික මතවාද ඉදිරිපත් කලේ , ඔබගේ අදහස දැන ගැනීමටය.

 “ සොක්‍රටීස්ගේ ආචාරවාදී දර්ශනයේ මුලික ප්‍රශ්නය වන්නේ මිනිසා වැරදි කරන්නේ ඇයිද යන්නයි  , සොක්‍රටීස් මේ සදහා දී ඇති පිළිතුර වන්නේ වරදට හේතුව අඥානකම යන්නයි . 


 “  එනම්  දැන දැන මිනිසා වැරදි නොකරන බව “ මෙයින් ප්‍රකාශ වේ. 


සොක්‍රටීස්ගේ මෙම මතය ද මේ  වන විට බිද වැටි ඇති බව පෙනී යන්නේ, අඥානයින් වගේම ඥානවන්තයින්ද වැරදි කීරිම සදහා පෙළඹව ඇති බවයි. අද සමාජය තුල සුදු කරපටි අපරාධ , සංවිධානාත්මක අපරාධ බිහිව ඇත්තේ නුවනැත්තන්ගේ අනුදැනුමෙනි. එදා සමාජයේ මිනිසුන් දැන දැන වැරදි නොකර සිටින්න ඇති, එහෙත් අද සමාජ සංකීර්ණ වෙත්ම මිනිසා සමාජ පැවැත්ම සදහා පරිණාමීය වී ඇති බැවින් අපාගාමී චර්යාවන් සදහා යොමුව ඇත.


නවින සමාජය  තුල එනම් මිනිසා පිළිබදව සිදු කරන  පර්යේෂණ වලදී     පෙන්නුම් කෙරෙන කරුණක් නම් මිනිසා    දැන දැන  වැරැදී  සිදු කිරිමයි.



ඒ වගේම සොක්‍රටීස්ගේ  අපාගාමී චර්යාව පිළිබද මතයද අදට නොගැලපේ. මිනිසා ඉච්චානුගතව නරක ක්‍රියාවන්හි නොයෙදෙන අතර යහපත වෙනුවට අයහපත තෝරා ගැනීම මිනිස් ස්වභාවය නොවන බව , අද වන විට පිළිගත නොහැකි කරුණක්ව ඇත. අඥානන් පමණක් නොව ඥානවන්තයින්ද අපාගාමී චර්යාවන්හි යෙදේ. ඒ අනුව අද වනවිට උදාහරණයක් ලෙස ගතහොත් ,  මත්පැන් වැඩි වශයෙන් සංසරණය වෙන්නේ මධ්‍යම හා  ඉහල පැලැන්තිය  වගේම උගතුන් අතර වේ. වැඩි අලෙවියක් සිදු වන්නේද ඔවුන් වෙතය .


බුදු දහමින් මත්පැන් පානය ප්‍රතික්ෂේප කොට ඇත්තේ මිනිසාට එය අනවශ්‍ය දෙයක් නිසාය . ආගමික තහනම පවා බුදු දහමට අනුව ඉදිරිපත් කර ඇත්තේ අකුසලයෙන් එනම් අපගාමිත්වයෙන් ඈත් වීමටය. එහෙත්  කිතුණු දහමේ එය එසේ කියා නැත. ආගමින් ආගමට සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වන කරුණක් ලෙසද මත්පැන් භාවිතය සම්බන්ධ වූ  අපාගාමී චර්යා පෙන්වා දිය හැක. 


ප්ලේටෝ කියන්නේ අපාගාමී පෞරුෂය සහිත පුද්ගලයින් බිහි වන්නේ අයහපත් රාජ්‍ය පරිසරයන් තුලින් බවයි. 

 මේ අනුව සමාජ දේශපාලනය  කාර්ය යහපත් පුද්ගලයකු බිහිවීම් පිණිස බලපා  ඇති බව එදා පෙන්වා දී ඇත. නවීන රජ්‍යන්හි මත්පැන් භාවිතා කරන්නන් වැඩිව ඇත්තේ එම තර්කයට අනුව වන්නට පුළුවන . එනම් යම් රටක සමාජ දේශපාලනය සහ අපාගාමී පුද්ගල චර්යා අතර කිට්ටු සම්බන්ධයක් ඇති බව මේ අනුව පෙනේ. ඒ වගේම අද වන විට දේශපාලන අපරාධ බහුතරයක් සිදුවන බව අප දනී. එදා සමාජයේත්, බලය ලබා ගැනීම සදහා අපාගාමී චර්යාවන් සදහා මිනිසා අනුගතවූ බව ප්ලේටෝ දැක ඇත.


ඇරිස්ටෝටල් විසින් සොක්‍රටීස්ගේ ආචාරධර්මවාදය විවේචනය කොට ඊට වෙනස්ව යමින්

 දැන දැන වැරදි කරන පුද්ගලයා සදාචාරයෙන් දුර්වල පුද්ගලයකු බවත් ඔහු වැරදි කල විට වේදනා විදි , පසුතැවිල්ලට පත්වේ , ඒ වගේම ඔහු සම්පුර්ණයෙන්ම හොද වන්නේද නැත, නරක වන්නේද නැත ඔහු යහපත හා අයහපත අතර සිටි.  

මේ අනුව ඔහු මිනිස් ක්‍රියාව කොටස් දෙකකට බෙදා ඇත.

       I.            ඉච්චානුගත ක්‍රියාව

     II.            අනිච්චානුගත ක්‍රියාව 


 සිය කැමැත්තෙන් කරන ක්‍රියා වලට දඩුවම් ලැබිය යුතු බවත් කැමැත්තෙන් තොරව සිදු කරන ක්‍රියා සදහා සමාව දියයුතු බව පෙන්වා දෙමින් ඥානවන්තයින් තුල වුවද අපාගාමී චර්යාවන් බිහි වන්නට හැකි වන බව ඉහත තර්කයෙන් පෙන්වා දේ. ඔහුගේ නීතියේ සිද්ධාන්තය නම් ඉදිරිපත් කිරීමේ එලෙසින් සටහන් කර ඇත. 


මෙහිදී මනෝ විද්‍යාත්මක වශයෙන් , සොක්‍රටීස්ට වඩා ඇරිස්ටෝටල් මිනිසාට නොවැලක්විය හැකි ආවේග පිලිබදව මුල්තැන දෙමින් පැහැදිලි කර ඇත. 

මා මෙය දකින්නේ නීතියේ සිද්ධාන්ත වලට අනුව අපරාධයක් සිදුවීම සදහා  චේතනාවක් නොතිබූ  බවට ඔප්පු වී ඇති විට  , මිනිසා වෙත සහන සලසන ආකාරය පෙන්වා දිය හැක. 


මේ අනුව අවේග පාලනය කිරීමේ නොහැකියාවද මත්පැන් පානය සදහා යොමු වූ එක් කාරණාවක් බව හදුනාගෙන ඇත. එනම් මත්පැන් පානය කරන පුද්ගලයා කොතරම් දුර්වලයකු උවත් , ඔහුගෙන් සෑම විටම වැරදි සිදු නොවේ. මෙය මනෝ විද්‍යාත්මක හේතු කාරණාවකි. 

අනෙක් අතට,  මත්පැන් පානය කරන ලද  පුද්ගලයා හට  ආවේග පාලනය කිරීම  අපහසු  වන බවද මත්පැන් හා සම්බන්ධ අපරාධ දෙස බැලීමේදී පෙනී යයි. මෙයද මනෝ විද්‍යාත්මක කරුණකි.


අද සමාජයේ මිනිස්සුන් වැරදි කරවීමට පෙළඹෙන  සාධකය ලෙස යම් අවස්ථාවක මිනිසා  සිටින, සමාජ සංස්කෘතිය හේතු වේ.  වේ. ඒ දෙසට මිනිසා තල්ලු වන්නේ ඔහු නොදනුවත්මය සංස්කෘතියේ එක වැදගත් අංගයක් නම් මත්පැන් පානය,  එම සන්ධර්භය තුල , එය ඔහු විසින් කල යුතු වේ. මත්පැන් පානය සදහා ඇබ්බැහිවුවන්ගේ මුල් අඩිතාලම වැටෙන්නේ මේ අනුවය. මේ සදහා සමාජ උප සංස්කෘති න්‍යාය බලපා ඇති බව පෙනේ. 

තවද , සමහර සංස්කෘතින්  තුල අපරාධ සදහා පෙළඹවීම් සිදු කෙරේ . ගෝත්‍රික සමාජ තුල මේවා වැඩි වශයෙන් සිදු වන්නේ ඔවුන්ගේ සම්ප්‍රදායික චාරිත්‍ර ඉටු කිරීමට යාමෙනි. 

විශ්ව විද්‍යාල උප සංස්කෘතියේ තිබෙන නවකවදයද එවැන්නකි.


එපික්යුරස්ගේ ආචාරවාදී දර්ශනයේ කේන්ද්‍ර හරය වන්නේ සොම්නසය. එයට අනුව සමහර ආශාවන් තෘප්තිමත් නොකිරීමෙන් වේදනාව ඇති වේ. එනිසා නරක පුරුදු පුද්ගල පෞරුෂයෙන් බැහැර කල යුතු බව ඔහුගේ අදහස් විය . 


ඉහත තර්කයට අනුව මත්පැන් පානය කරන පුද්ගලයකු එමගින් ඈත් කිරීමට උත්සහ ගැනීමේදී ඇතිවන ශාරීරික වේදනාව  මත් නිවාරණය කිරීමේදී දැකගත හැක. මෙය පුද්ගලයා තුල මනෝ කායික සිද්ධාන්ත අනුව සිදු වන්නකි. 

තවද අසම්මත හැසිරීම් නිසා ලබන කායික තෘප්තියද මෙවැන්නකි.


ස්ටෝයික්වාදින්ගේ අදහස වුයේ අධ්‍යාපනය නොමැති මිනිසා තිරිසනෙකුට සමාන බවයි. එම නිසා  ඇති වූ අවිද්‍යාව  තුල අපාගාමී චර්යා හැඩ  ගැසෙන බවයි. 


අපාගාමී චර්යාව පිළිබද වාර්තා වලට අනුව අපගේ පර්යේෂණ වලදී වැඩි වශයෙන් සංඛ්‍යා ලේඛන මගින් අනාවරණය වුයේ පහල අධ්‍යාපන මට්ටමේ සිටින  අයවලුන් වේ. එම හේතුවෙන්, මනුෂ්‍යත්වයට එරෙහි ක්‍රියාවක් ලෙස අපාගාමී චර්යා ඉගෙන ගනී. එම නොදැනුවත්කම තුලින් මත්පැන් පානය සදහා පුද්ගලයින් යොමු වන බවත් අද්‍යාපනය හා චර්යාව අතර සම්බන්ධතාවයක් ඇත යන මතය තහවුරු වේ. මේ අනුව ස්ටෝක්වාදින්ගේ තර්කය හා එකගවිය හැක. 

එහෙත්, ඉහල අධ්‍යාපනය ලබා ඇති අය කෙරෙන්ද අපාගාමී චර්යා ලක්ෂණ පහල වී ඇති බැවින් එදා වලංගු වූ මෙම තර්කය අද වන විට බිද වැටෙමින් පවතී .


තෝමස් හොබ්ස්ට අනුව මිනිසා ස්වභාවයෙන්ම චණ්ඩ ගති ඇත්තෙක් බව පැවසේ. මිනිසා විවිධ ආශාවන් සපුරා ගැනීමට අපාගාමී ලෙස කටයුතු කරන බව දක්වා ඇත. 

සෑම මිනිසකු තුලම චණ්ඩ ගති ඇති බව පිළිගත හැකිවේ. එය මනෝ විද්‍යාත්මක සාධකයකි. එහෙත් සෑම කෙකෙකුටම වක හා සමාන ලෙස අපාගාමී චර්යා පාලනය කිරීමේ හැකියාව අඩු වැඩි වේ. එම හේතුවෙන් එම චණ්ඩ  ගති සමහර අය තුලින් පමණක් විද්‍යමාන  වේ.


ජෝන් ලොග්  පවසන්නේ මිනිසාගේ ගති පැවතුම් ගැන මෙලෙසිනි. ස්වභාවික යුගයේ මිනිසා හොද ජිවිතයක් ගත කල අතර  මිනිසා තුල අපාගාමී  පෞරුෂ බිහි වීමෙන් සදාචාරයට තර්ජන එල්ලවීම නිසා සමාජ සම්මුතියක් මත සිවිල් ආණ්ඩුවක්  හා මිනිස් ගැටළු විසදීම සදහා අධිකරණ ක්‍රමයක් බිහිවී ඇති බවයි. 

ලොග් ගේ එම මතය හා එකග විය හැක. මිනිසුන් සිදු කරන වැරදි නිසා
අධිකරණ ක්‍රමය බිහිව ඇත. ස්වභාවික යුගයේ සාමයෙන් සිටි මිනිසා තුල අපාගාමී චර්යාවන් බිහිව ඇත්තේ බලයට ඇති ආසාව නිසාත් , ඒ තුලින් අපාගාමී චර්යා වලට ඉඩක් ඇති සිවිල් සමාජය බිහිව ඇති නිසාය .


ස්පිනෝසාගේ දර්ශනයට අනුව මිනිසා අපගාමිත්වයට පත් වෙන්නේ පුද්ගල අභ්‍යන්තරයේ ඇති අවිද්‍යාව නිසා බැවින් හොද - නරක පිළිබද අවබෝධයක් මිනිසාට නොලැබෙන බවත් දක්වා ඇත. 

 ඒ වගේම මිනිස් චර්යාව තීරණය වීමේ සාධකයක් ලෙස නිෂ්ක්‍රිය හා සක්‍රිය ආවේග දක්වා තිබේ. 


ඩේවිඩ් හියුම් ගේ දර්ශනයට අනුව මිනිස් ක්‍රියාවන් සමාජයට යහපතක් වන්නේ නම් එය සදාචාරාත්මක වන බවත් අයහපතක් වන්නේ නම් එවැනි ක්‍රියාවන් දුෂ්චරිතවත් වන බවත් පවසා ඇත.

එමගින් ගම්‍ය වනුයේ සදාචාර විරෝධී , සමාජ අසම්මත චර්යාවන් පවතින පුද්ගලයා තුල අපාගාමී පෞරුෂයක් දක්නට ලැබෙන බවයි. එහිදී සොම්නස ලබා ගැනීම සදහාත් වේදනාවෙන් ඈත් වීම සදහාත් සමාජ අසම්මත ක්‍රම පුද්ගලයා  භාවිතා කරන බවයි. 


අපාගාමී චර්යාවෙන් යුක්ත පුද්ගලයා බොහෝ විට ප්‍රථමික හා ද්විතියික ප්‍රේරණ  සන්තර්පණය කර ගැනීමට යාමේදී පොදු සදාචාර නිතින් උල්ලංඝනය කරනු ලන බව , සිග්මන් ප්‍රොයිඩ් පවසා ඇති අතර එය ස්වභාවයෙන් මිනිසාට ලැබුණු ආශයක් බවද දක්වා ඇත. 


කාල් මාක්ස්ට අනුව ධනවාදී ආර්ථික රාමුව තුල මිනිසාට ඇති වූ ඉච්චාබංගත්වය හා අසහනය නිසා  පරාරෝපනය වීමෙන් අපාගාමී පෞරුෂය ගොඩ නැගෙන බව දක්වා ඇත . 

මිනිසා සුරා කෑමට ලක්වන විට ඇතිවන ඉච්චාබංගත්වය හා අසහනය නිසා දුගිභාවයට පිළියම් සෙවීමට යාමේදී මිනිසා අපගමිත්වයට පත්ව ඇති බව නුතන සමාජය තුල සිද්ධි ගවේෂණයෙන්  ඔප්පු කල හැක. සොරකම් කිරීම වැනි වැරදි සිදු වන්නේ එවිටය.  

ඉහත දක්වා ඇත්තේ මා පොත්පත් කියවීමෙන් සොයා ගන්නා ලද මතවාද කීපයක් පමණි. ඔබ දන්නා අපාගාමී චර්යා සම්බන්ධ  වෙනත් දාර්ශනික මතවාද ඇත්නම් මේ post එකට එකතු කරන්න .

( මිනිසාගේ අපාගාමී චර්යා පිළිබද අපරාධ විද්‍යාත්මක මග පෙන්වීමකි. )

7 comments:

  1. සී.ජේ. විදානේට අනුව මත්පැන් පානය මනෝවිද්‍යාත්මකව හෝ සමාජීය වශයෙන් හෝ වෙනත් කිසිම ආකාරයකින් අවඩැක් නොවන අතර එය වලක්වාලීමට උත්සාහ දරන තැනැත්තන් බොහේසේ අණුවනයෝ වෙති. තවද මත්පැන් පානයේ ආදීනව වශයෙන් ස්ව පෞරුෂත්වයේ කිසිඳු වෙනසක් ඇති නොවන අතර අවැසි අයවලුන්අ හට දාල ක්‍රියාවලිය දිගින් දිගටම අඛණ්ඩව පවත්වාගෙන යාමට කිසිවකු විසින් කිසිඳු බාධාවක් අවහිරයක් නොකල යුතු වේ...

    ReplyDelete
    Replies
    1. ඇ.... සි.ජේ. දාර්ශනිකයෙක් වුනේ කවද්ද ...? බලමු ඔය දර්ශනය බිද වැටෙන හැටි ....

      අරක්කුවාදී න්‍යායක් අපායෙන් හම්බ උනාද ...?

      Delete
    2. මෙවර බ්ලොග් වසන්තයේ ඉතා ප්‍රශස්ත කමෙන්ටුවට ප්‍රදානය කරනා ත්‍යාගය C.J. විදානේගේ ඉහත කමෙන්ටුවට ලබාදියයුතු බවට මම යෝජනා කරමි!

      Delete
    3. එම රවිගේ යෝජනාව මම ස්ථිර කරමි.

      Delete
    4. අළුත් මතවාදී සොයා ගැනීමක්ද ඒ කමෙන්ටුව

      Delete
  2. වටිනා ලිපියක්... අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුවෙන් නිකුත් කරපු පොතක් තියෙනවා ග්‍රීක දර්ශනය කියලා... ගොම කොළපාට පොතක්... ගොඩක් වටින විස්තර බොහොමයක් තියෙනවා... ග්‍රීක දර්ශනය මුල සිට හදාරන්න පුලුවන් ඒකෙන්... ඒ පොත අරන් කියවන්න... මේ වගේ දේවල් පලකරනවට ස්තූතියි ... මොකද බ්ලොග් වල දැනුමට දේවල් පල කරන අය අඩුයි දැන්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතිල ... දැනුම හොයන්න blog වලට ගියාම ලියපුවා අඩුයි , ඒ නිසා තමයි . මට ලැබෙන මේ දේවල් මම share කරන්න පටන් ගත්තේ.... මොකද ... පොතක් අරන් කියවන්න සල්ලි නැති ළමයි අනන්තයි. ඒ යට තමයි. මේ උදව්ව වටින්නේ
      මම ග්‍රීක දර්ශනය පොත හොයන කියවනවා . රටක් බී වෙන්න මිනිසා දුන් දායකත්වයට අදාල බොහෝ සංකල්ප ග්‍රීක දර්ශනයේ තියනවා කියල ආරංචි උනා .

      Delete