Sunday, May 28, 2017

අවසරයි මහරජ


රජකු යයි හගිස්සන පල්  හෑලි 
විරිත්තන විට දසන්..... මුව පළල කර 
අස්සෙන් පෙනෙන ලොසින්ජර .....
හපයක් තරම් නොවටින 

මුවෙන් වෑහෙන පුරාජේරුව ....
නොනිමි ආශාවන් පසුපස එලවද්දී ...
බඩ  ගෙඩිය තරමට ... මොලයක් නැති...
වළඳක්  තරමට .... නොපිරවන සන්තකය 

හිස්ම හිස් වදන්  පමණයි. මුවින් නික්මෙන 
පරමාදර්ශ කිසිත් නැති ... විකල්ලෙන් විටක 
පදරුත් පාන ... යාං හෑලි ... නොවටින දුවිල්ලක් වත් 
තරමට ..මරු විකාරය .. පමණි මා දකින ..නුඹ වෙතින් ...

  

7 comments:

  1. තේරුම් ගන්න ටිකක් අමාරුයි. පෙම්වතෙක් පොරත්වයෙන් හැසිරෙනවා වගේ එකක්ද , නැත්නම් දේශපාලනයද කියල.

    ReplyDelete
    Replies
    1. මේ ලෝකේ සැරිසරන සත්වයෙක් ,.... කවුරු උනත් .. හුගක් අය මේ වගේ කියල මට හිතුනා .. මේ වගේ චරිත ඕන තරම් දැකල තියනවා . දේශපාලනයට , වගේම පෞද්ගලිකවත් මේ න්‍යාය පොදුයි. අයියේ, නිකන්ම ලියවුනා

      Delete
  2. මොකක්ද අප්පේ මේ හතර බීරි කතාව.
    සොරි කවිය.

    ReplyDelete
    Replies
    1. ඕන පැත්තකට යන්න පුළුවන් කතාවක් නේ මේ. ජීවන් අයියේ

      Delete
  3. නෙකෙරෙන දීගේ හෙවනැල්ලත් ඇඳයිලු...

    (මේක ලිව්වේ යාන් හෑල්ල ලියන, සුරංගයා ගැන නේද?)

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔව්.. සුරංග ගැන ... සි.ජේ. ඔයාට තේරුනා

      Delete